යෝෂිත, අනුර සේනානායකව මුණගැසෙයි.


ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා මුණගැසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ගොස් ඇති බව වාර්තා වේ.

රක්ෂිත බන්ධනාගාරගතව පසුවන සන්ධාන මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාව බැලීමට ගිය අවස්ථාවේ යෝෂිත රාජපක්ෂ මහතා විසින් අනුර සේනානායක මහතාවද මුණ ගැසී ඇත. 

මේ අතර පසුගියදා වාර්තා වූයේ අනුර සේනානායක මහතා අදාළ ඝාතනය සම්බන්ධයෙන් පාපොච්චාරණයක් කිරීමට කැමැත්ත පළ කර ඇති බව ය.

Powered by Blogger.