විශ්වාසභංගයේ කතාව මෙන්න : Video


මුදල් ඇමැති රවි කරුණානායකට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 94කින් පරාජය කරමින් මෛත්‍රි - රනිල් යහපාලන ආණ්ඩුව ඊයේ (09දා) පාර්ලිමේන්තුවේදී ජය අත්පත් කර ගත්තේය.

විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 51ක් ද විරුද්ධව ඡන්ද 145ක්ද ලැබිණි.

දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරු 28 දෙනෙක් ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටියහ.

ඒකාබද්ධ විපක්ෂය සමඟ ජනතා විමුක්ති පෙරමුණ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද ප්‍රකාශ කළහ.

විපක්ෂ නායක ආර්. සම්බන්දන් ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු 16 දෙනා ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබෙහි නොසිටියහ.
විශ්වාසභංග යෝජනාව ඊයේ පෙරවරු 10.00ට විවාදයට ආරම්භ විය. දිවා ආහාරය සඳහා අත්හිටුවීමකින් තොරව පස්වරු 5.55 දක්වා පැය අටකට ආසන්න කාලයක් විවාදය පැවැත්විණි.

පස්වරු 5.55ට කතානායකවරයා යෝජනාව සම්බන්ධ ඡන්ද විමසීම ප්‍රකාශ කළ අවස්ථාවේ මන්ත්‍රිවරුන්ගේ නමින් ඡන්දය විමසන ලෙස දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා බෙදීමක් ඉල්ලීය. ඒ අනුව නමින් ඡන්දය විමසීම ආරම්භ විය.

විවාදය පැවැත්වෙන අතරතුර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සභා ගැබට පැමිණියේය. අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයාගේ කතාව අතර සභාවට පැමිණි ජනාධිපතිවරයා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයාගේ කතාවෙන් පසු සභා ගැබෙන් පිටවී ගියේය. 

ජනාධිපතිවරයා මිනිත්තු 30ක් පමණ සභා ගැබෙහි ගත කෙළේය.
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි, හිටපු ජනාධිපති හා මුදල් ඇමැතිවරයාද වූ මහින්ද රාජපක්ෂ සභාවට පැමිණියේ නැත. ඡන්දය විමසන අවස්ථාවේ ඔහුගේ නම ප්‍රකාශ වූ විට, 'කෝ? කෝ?' කියමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු ඝෝෂා කළහ. 'බළලුන් ලවා කොස් ඇට බාවනවා' යැයි නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා කියනු ඇසිණි.

මෙතෙක් ඡන්ද විමසීම් අවස්ථාවලදී ප්‍රධාන කාර්යය ඉටු කළ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක ඊයේ එම කාර්යයෙහි නියැළුණේ නැත. ඒ වෙනුවට ඡන්ද විමසීම සිදු කළේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල විසිනි. සහකාර මහ ලේකම් තුෂානි රෝහණධීර සහ ටිකිරි කේ. ජයතිලක නියෝජ්‍ය මහ ලේකම්වරයාට සහාය වූහ.

"වෙනද ඡන්දය හොඳටම කරන මහ ලේකම්වරයා අද කෝ?" කියා විමල් වීරවංශ මන්ත්‍රිවරයා ඡන්දය විමසීම ආරම්භ කරන අවස්ථාවේම කතානායකවරයාගෙන් රීති ප්‍රශ්නයක් මතු කරමින් විමසීය.

"ඒක මං බලාගන්නම්" යනු කතානායකවරයාගේ පිළිතුර විය.
ඡන්ද විමසීම දැක බලා ගැනීමට පැමිණි පිරිසෙන් මහජන ගැලරි පිරී තිබිණි.

ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරනවාත් සමඟම ආණ්ඩු පක්ෂය පී්‍රති ඝෝෂා නැඟූහ. එම ඝෝෂා මධ්‍යයේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවඵඵ අද (10දා) පෙරවරු 10.30 දක්වා කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කෙළේය.

විවාදයේ දී අදහස් දැක්වූ හරීන් ෆර්නැන්ඩු මහතා,



Share on Google Plus