විශ්වාස භංගය ඇරඹේ - කුමන්ත්‍රණයක් නැහැ.


මුදල් අමාත්‍ය රවී කරුණනායකට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරමින් මහින්ද රාජපක්ෂ පිලේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසා සිටියේ තමන් ඉදිරිපත් කළ යෝජනාවට අදාළව අවශ්‍ය කාලය වෙන් කර දී නැති බවය.

කෙසේ නමුත්  කතානායක කරූ ජයසූරිය මහතා පැවසූවේ තමන් ඉදිරිපත් කර ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ලබා දී ඇති නමි ලැයිතුවය බවය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ සන්ධානයෙන් නම් 10ක ලයිස්තුවක් ලබා දී ඇති බවය ඒ අනුව, මහින්ද සමරසිංහ, දිනේෂ් ගුණවර්ධණ, මහින්දානන්ද අළුත්ගමගේ, විමල් වීරවංශ, එස්.බී. දිසානායක, මහින්ද අමරවීර, බන්දුල ගුණවර්ධ ඇතුළු මන්ත්‍රීවරුන් ඒ අතර ඇති බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය. 

දිනේශ් ගුණවර්ධණ මහතා සිය කතාවේදී විශ්වාසභංග යෝජනාවේ ඇතුළත් "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 148 වැනි වගන්තියට අනුව රජයේ මුදල් කටයුතු පිළිබඳ පූර්ණ බලය පාර්ලිමේන්තුව සතුවන බැවින්ද, රාජ්‍ය මූල්‍ය කළමනාකරණයෙහිලා ප්‍රධානතම උපකරණය වන වාර්ෂික අයවැය ලේඛනය මෙම උත්තරීතර සභාවට ඉදිරිපත් වන විට ඉතා විස්තරාත්මකව, විනිවිදභාවයකින්, උපරිම විශ්වාසය රැකෙන පරිදි සත්‍ය ලෙස ඉදිරිපත් කිරීම මුදල් අමාත්‍යාංශයේ ප්‍රධානතම යුතුකම හා වගකීම වන්නේ නමුදු, 2016 අයවැය ලේඛනය සම්මත කිරීමේදී මුදල් අමාත්‍යවරයා, දුර්නිරූපණයක් තුළින් පාර්ලිමේන්තුව හා මහජනතාව නොමග යවා  එකී අයවැය ලේඛනය හුදු ප්‍රලාපයක් බවට පත්කිරීම. යන යෝජනාව කියවූ අතර කතාවට වේලාව මදි නිසා ඉතුරු යෝජනා නොකියවන බවද පැවසීය.

මුදල් ඇමතිවරයා තවදුරටත් රටත් පාර්ලිමේන්තුවත් නොරවටා ඉල්ලා අස්විය යුතු බවද දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 

කාලය අවසන් වුවද වැඩිපුරත් වීනාඩි 3ක් ලබා දී ඇති බැවින් වේලාව ඉවර බව කතා නායකවරයා පැවසූ පසු දිනේෂ් ගුණවර්ධන මහතා කතා නැවැත්වූ අතර බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා එම යෝජනතාව ඉස්තීර කරමින් කතාව ආරම්භ කළේය.

මහින්ද රාජපක්ෂ සමයේ ලබාගත් ණය ප්‍රමාණයට වඩා වැඩි ණය ප්‍රමාණයක් වත්මන් ආණ්ඩුව විසින් ලබාගෙන ඇතැයිද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

බන්දුල ගුණවර්ධන මහතාගේ කතාවෙන් පසු විවාදයට එක් වූ අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රම සිංහ මහතා පැවසූ වේ මුදල් ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙනඒමෙන්ම ප්‍රජාත්නත්‍රවාදය ස්ථාපිත වී ඇති ආකාරය තහවුරු වන්නේ යැයි පැවසීය. රාපක්ෂ පාලන සමයේ මුදල් අමාත්‍යාංශය ජනාධිපතිවරයා බලහත්කාරයෙන් අල්ලාගෙන සිටි බවත් විශ්වාසභංගයක් තියා ඇමතිවරයෙකුට සිය යෝජනාවක් ක්‍රියාත්මක කරගැනීමටවත් එකල නොහැකි වූ බවත් අග්‍රමාත්‍යවරයා පැවසීය.

පාර්ලිමේන්තුවේ මයික්‍රෆොන් පද්ධතිය අක්‍රියවීම කුමන්ත්‍රණයක් නොවන බව කථානායක කරු ජයසූරිය මහතා පැවසුවා.

පාර්ලිමේන්තුව අද (09) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ ඒ මහතා මේ බව කියා සිටියා.  මීට පෙරත් අවස්ථා කිහිපයකදීම මේ අයුරින් දෝෂයන් සිදුව ඇති බවද කථානායකවරයා එහිදී සඳහන් කළා.



Share on Google Plus