'අරක්කු ගඳ ආවේ මගෙ කටින් නෙවෙයි.. බීපු කෙනක් මාව ඉම්බා.' - විජිත : Video


තමන් මුහුණ දුන් රිය අනතුරෙන් මත්පැන් ගඳ ආවේ තමන් මත්පැන් පානය කර සිටි නිසා නොවේ යයි ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

එම අනතුරට මුහුණ දුන් අවස්ථාවේ එහි සිටි මිනිසුන් කිහිප දෙනෙකු වටවී ‘අපේ මන්ත‍්‍රිතුමා ඔබතුමා ආරක්‍ෂා වෙන්න’ කියා ආදරයෙන් බදා ගෙන සිප ගත් බවත් එම පුද්ගලයෙකු බීමතින් සිටි බවත් ඔහු කියා සිටියේ හිරු රූපවාහිනියේ බලය දේශපාලන වැඩසටහනට එක්වෙමිනි.

මත්පැන් ගඳ වහනය වූයේ තම කටින් යයි කිසි තැනක සඳහන් නොවූ බවද පැවසූ මන්ත‍්‍රිවරයා ස්වභාවිකව ශරීරයෙන් මත්පැන් ගඳ වහනය වීම, ලේ ගිළුනු අවස්තාවකද මත් පැන් ගන්ධය එන බවත්, බීමතින් සිටි අයෙක් ස්පර්ශ කලද එම ගඳ එන බවත් ඔහු කියා සිටියේය.


Share on Google Plus