විශාකාවියන් ඉදිරියේ හරින් හඬා වැටේ - Video


ඇමති හරින් ප‍්‍රනාන්දු මහතා පසුගිය දා බදුල්ල විශාකා මහා විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

එහිදී විද්‍යාලයේ සිසුවියක් විසින් සිදු කල කතාවක් නිසා අමාත්‍යවරයා හැගීම්බරවූ බවට වාර්තා විය.

එම සිසුවියගේ කතාව පහතින්,

"ලංකාවේ ඉස්සෙල්ලාම මේ අවස්තාව ලැබිලා තියේන්නේ අපේ පාසැල වන බදුල්ල විශාකා විද්‍යාලයට.එ පිලිබද මයික්‍රෝසොෆ්ට් ආයතනයට මම හුගාක් ස්තූතිවන්ත වෙනවා.මේ ව්‍යාපෘතිය ගැන කිව්වොත් ඇත්තටම මෙය හොද ව්‍යාපෘතියක්. තාක්ෂණත් එක්ක දියුණු වෙලා යන මේ ලොකෙට අපිට නව මන්පෙතක් ඔස්සෙ යන්න පුලුවන්.පංතිකාමරයෙදි අපි ගුරුවරු කියනදේ අහගෙන ඉදලා තෙරුම් ගන්නවට වඩා වැඩි අවබෝධයක් බාගන්නට පුලුවන් උදාහරණයක් විදිහට ගත්තොත් මොනවාහරි විෂයක් උගන්වනකොට ඒ ගුරුවරු කියන දේ අහහෙන ඉදලා තෙරුම් ගන්න එපැයි එත් මේක එහේම නෑ විඩියෝ ක්ලිප් එක්කම අපට තෙරෙන්නේ නැති තැන් තියෙනවනම් එවෙලෙම ස්වරත් එක්ක සම්බන්ධ වෙලා අපේ ගැටලු නිරාකරනය කරගන්න පුළුවන්.මේක අපට ලැබුනු ලොකු අවස්තාවක්.

අපි අසනීපයක් වෙලා හරි මොකක් හරි හෙතුවක් මත පාසැලට එන්න බැරි වුනොත් අපට මගහැරෙන පාඩම් බලන්න පුලුවන්.මේ වගේ අවස්තාවක් ලැබුනු එක අපට ලොකු වාසනාවක්.

ඒ වගේම කොලඹ වගේ නාගරීකරණය විච්ච පාසැල් වල අයට අපට හොද තරගකාරිත්වයක් දෙන්න පුලුවන් වෙයි කියලා හිතනවා මේ ව්‍යාපෘතිය ඔස්සේ.එ වගේම ඇමතිතුමනි මම කියන්නට කැමතියි අපේ පාසැල ගත්තම උව පළාත වගේ දුශ්කර පළාතක අපේ දෙමව්පියන්ගෙ ආර්තික මට්ටමත් සමගම බැලුවම අපට ගෙවල්වල මේ පහසුකම් නෑ,අපට ලොග් වෙන්න විදිහක් නෑ,අපට මෙම සොෆ්ටවේයාර් එකට සම්භන්ධ වෙන්න පුලුවන් ඉස්කොලෙදි විතරයි එ වගෙම අපට තිබෙන පරිගණක හා අන්තර්ජාල පහසුකමුත් ප්‍රමානවත් නෑ එම නිසා ඔබ තුමාට හැකියාවක් තියෙනවනම් අපේ පාසැල වෙනුවෙන් මෙම පහසුකම් අපට සලසා දෙන්න එවිට අපට පුලුවන් වෙයි අනික් ලමයි එක්ක කරට කර තරගයකට යන්න."





Share on Google Plus