අවිස්සාවේල්ල සහ අවට අලුත්ම තත්ත්වය (UPDATE)


අවිස්සාවේල්ල සහ ඒ අවට පාසැල් සහ රජයේ ආයතන සඳහා හෙට දිනයේ (06) නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. 

කොස්ගම  සාලාව හමුදා කඳවුරේ ගිනි ගැනීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

මේ අතර  හමුදා කඳවුරේ ගිනි ගැනීම සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර තිබෙනවා. 
....................................................................

ගිනි ගන්නා හමුදා කඳවුරේ පතුරම් ගබඩාවක් - වහාම ඉවත් වන්න(UPDATE)
( ) 2016-06-05 18:35:54

මේ වන විට ගින්නක්  හටගෙන ඇති කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පතුරම් ගබඩාවක් ද ඇති බවයි වාර්තා වන්නේ. 

එම ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට ත්‍රිවිධ හමුදාවම කැඳවා තිබෙනවා. 

හයිලෙවල් මාර්ගයේ කළුඅග්ගල සිට අවිස්සාවේල්ල දක්වා ප්‍රදේශයේ වාහන ගමනාගමනය අත්හිටුවා ඇති අතර ගින්න බැලීමේ අරමුණෙන් එම ප්‍රදේශයට ඇතුළු නොවන ලෙස බලධාරීන් ඉල්ලා සිටිනවා. 

මේ අතර කිලෝමීටර තුනක් ඇතුළත පදිංචි පුද්ගලයන්ට ඉවත් වන ලෙසද හමුදාව මේ වන විට දැනුම් දී තිබෙනවා.

..............................................................................
කොස්ගම හමුදා කඳවුරේ ගින්නක් - පිපිරුම් හඬ ඇසේ
( ) 2016-06-05 17:55:54

කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ගින්නක් හට ගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ ඒ සමග පිපිරුම් හඬද ඇසුණු බවයි.

ගින්න බැලීමේ අරමුණෙන් එම ප්‍රදේශයට ඇතුළු නොවන ලෙස බලධාරීන් ඉල්ලා සිටිනවා.

 වැඩිදුර තොරතුරු බළාපොරොත්තුවන්න...

Share on Google Plus