එජාපය අද ඉලෙක්ට්‍රොනික් වේ.


එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන වැඩසටහන අද (23) ආරම්භ කෙරෙනවා.

ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවැත්වෙන විශේෂ වැඩසටහනකදීයි.


පරිගණකයක් හෝ ස්මාර්ට් ජංගම දුරකතනයක් භාවිත කර එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වය ලබාගත හැකි විද්‍යුත් සාමාජික කාඞ්පත හඳුන්වාදීමද අද සිදු කෙරෙනවා.


ශී‍්‍ර ලංකාවේ දේශපාලන පක්‍ෂයක් මෙවැනි විද්‍යුත් සාමාජික කාඞ්පතක් හඳුන්වාදෙන ප‍්‍රථම අවස්ථාව මෙයයි. එක්සත් ජාතික පක්‍ෂයට වැඩි තරුණයන් ප‍්‍රමාණයක් සම්බන්ධ කර ගැනීම මෙහි අරමුණ වනවා. විද්‍යුත් කාඞ්පතට අමතරව මුද්‍රිත කාඞ්පතක්ද සාමාජිකයන් වෙත පිරිනැමෙනු ඇති.

Share on Google Plus