ගම්මන්පිලට සැප දෙන්න ගොස් සිඞ්නිගේ පුත් අමාරුවේ.


ඔස්ට‍්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ‍්‍රයන් ෂෙඩික්ගේ ආයෝජන සහ ඔහු සතු මූල්‍ය වත්කම් කූට ලෙස වංචාකිරීම හේතුවෙන් පසුගියදා අත්අඩංගුවට ගත්, පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල සහ සිඞ්නි ජයසිංහ යන අය මූලික විමර්ශනයකින් අනතුරුව ලබන 01 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබේ.

අද(23) උදෑසන සිඞ්නි ජයසිංහගේ පුත් අමිල ජයසිංහ විසින් බන්ධනාගාරයට ගොස් බන්ධනාගාර නිලධාරීන් මගින් රු. 50000.00 බැගින් වූ මුදල් සහිත කවර 04 ක් බන්ධනාගාර ගතව සිටින පාතාල සාමාජිකයන් වෙත සහ බන්ධනාගාරයේ නිලධාරීන් වෙත ලබාදීමට තැත් කිරීමේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

අමිල ජයසිංහ විසින් මෙම මුදල් ලබාදී ඇත්තේ තම පියා වන සිඞ්නි ජයසිංහට සහ ඔහුගේ ගජ මිතුරු උදය ගම්මන්පිලට, බන්ධනාගාරය තුළ සියළු පහසුකම් සහ ඉහළ අන්දමේ පුද සත්කාර ලබාදෙන ලෙසටත්, බ‍්‍රයන් ෂෙඩික්ගේ ඇටෝර්නි බලකරු වන ලසිත පෙරේරා මහතාට බන්ධනාගාර ගතව සිටින පාතාල සාමාජිකයන් හරහා මරණ තර්ජන කොට බියවද්දා සාක්ෂි ලබා නොදෙන තත්ත්වයට පත්කිරීමටත් බව තොරතුරු අනාවරණය වේ.

මෙවැනි ආකාරයට එකක් පසුපස එකක් වංචනික ක‍්‍රියාදාමයන්හි නිරතවීමට තරම් දේශපාලඥයන් පහත් තත්ත්වයකට ඇද වැටීම අද සමාජය බරපතල ලෙස පරිහානියට පත්වීමට හේතු වී ඇත.


Share on Google Plus