තිළිණ ගමගේ අත්අඩංගුවට



නීතිවිරෝධීව වනඅලි පැටවෙකු ළග තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් කොළඹ හිටපු අතිරේක මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා අත්අඩංගුවට ගන්නැයි ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ගොණු කළ මෝසමක වැඩිදුර වාර්තාවක් සළකා බැලීමෙන් අනතුරුවයි.

එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප‍්‍රකාශ කළේ නීතිපතිවරයාගේ උපදෙස් අනුව තිළිණ ගමගේ මහතා සැකකරුවෙකු ලෙස නම් කරන බවයි. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගන්නැයි අධිකරණය නියෝග කළා.





Share on Google Plus