නෝනිස් පවුලේ අවුලෙන් පවුල් දහදාහක් මහමඟට.


වෛද්‍ය ක්‍රිස් නෝනිස්ගේ පවුල තුල ඇති වී තිබෙන මතභේදය සම්බන්ධ   නීතිමය කටයුත්තෙන් මැක්වුඩ් ගෘප් සමාගමේ පරිපාලනයට අහිතකර බලපෑම් එල්ල වී තිබේ.

මැක්වුඩ් සමාගම් සමූහයේ නිර්මාතෘ එන්. එස්. ඕ මෙන්ඩිස් මහතා විසින් අදින් වසර 40 කට ප්‍රථම පන්නා දැමූ සමහර පුද්ලගයන් නැවත  සමාගම අත්පත් කර ගැනීමේ බල අරගලයක නියැලෙමින් සිටී. මෙසේ පන්නා දැමූ පුද්ගලයා සමහර විට පැනමා ජාවාරමේ කළු සල්ලි සුදු කරන ලද පුද්ගලයෙක් විය හැක. ඔහුට හිමිව තිබූ LB ෆිනෑන්ස් සහ ඩෙල්මේජ් සමාගම්  විකුණා දැමූ මෙම ව්‍යාපාරික ධන කුවේරයාගේ යටි අරමුණ මෙම මැක් වුඩ් සමාගම   අත්පත් කර ගැනීම  විය හැක. පැනමා ලේඛණයන්හි සඳහන්ව තිබූ තම පුත්‍රයාගේ නම සුද්ද කිරීම ඔහුගේ සැබෑ අරමුණ බව පැහැදිලිය.

මැක්වුඩ් සමාගම තුල සේවයේ යෙදෙන අහිංසක ශ්‍රී ලාංකිකයන් අමාරුවේ නොදමා,  සිංගප්පූරුව තුල තමාගේ කළු සල්ලි ජාවාරම සුපුරුදු පරිදි කරගෙන යනවානම් එය වඩාත් හොද බව මැක්වුඩ් සේවකයන්ගේ අදහසයි.  මැක්වුඩ් හි සමහර ප්‍රධාන කොටස්කරුවන් පසුගිය වසර 2 ක තුල අගලවත්ත වැවිලි සමාගමෙන් රුපියල් බිලියන ගණන් මුදල් ලාභාංශ සහ කළමණාකරණ ගාස්තුව ලෙස වාසි ලබා යෙහෙන් වැඩඹුනහ. තේ, රබර් මිල ලෝකයේම මේ වන විට පහත වැටී ඇති බැවින් වැවිලි  සමාගම් බලවත් අරගලයක යෙදී සිටින බව සියල්ලන්ම දනී. මේ ගැන කිසිත් නොතකන බලලෝභී වූ නෝනිස් පවුලේ සමහර සාමාජිකයන් වැඩි මුදලක් අත්පත් කර ගැනීමට මෙසේ බලය ඩැහැ ගැනීමට උත්සාහ කරයි.  එසේම බලයට පොරකන්නේ නැති අයව පන්නා දමයි.

රබර් වල මිල ලාභදායි වූවට මේ කණ්ඩායම මෙම වතුවලින් මුදල් ලබා ගනිමින් වාසි ලබා ගන්නා අතරම ලාභාංශ  සහ කළමණාකරණ ගාස්තු වෙනුවෙන් කොටස්කරුවන් ලෙස තරඟ කරයි. එනමුත් සේවකයන් වෙනුවෙන් රජයට ගෙවිය යුතු EPF සහ ETF ව්‍යවස්ථාපිත ගෙවීම් පවා පැහැර හැර තිබේ.

අගලවත්ත වැවිලි සමාගම අගාධයට යාමත් සමග සමහර අත්‍යවශ්‍ය දේවල් සඳහා මැක්වුඩ් ගෘප් විසින් සහාය දී තිබේ. මැක්වුඩ්හි කෑදර අයිතිකරුවන් බලය වෙනුවෙන් අධිකරණයට යන තෙක්ම මෙම විනාශය නැවතුනේ නැත. දහස් ගණන් සේවකයන් අනතුරේ නොහෙලා මෙම වැදගත් කතෝලික පවුලට පෞද්ගලිකව තම පවුලේ ගැටළුව පල්ලියේ අනුග්‍රහය ලබා ගනිමින් විසදා ගැනීමට හැකිව තිබුනි.

අනවශ්‍ය ප්‍රසිද්ධියක් හිමිවූ නීතිමය කටයුතු වල ප්‍රතිඵලයක් ලෙස,  අගලවත්ත ප්ලාන්ටේෂන් හි මූල්‍ය තත්වය ඉතා නරක අතට හැරිණි. 
සියළුම බැංකු සහ මූල්‍යමය ආයතන මුදල් ලබා දීම වහා නවතා දැමුහ. සමහර මෙම පවුලේ පුද්ගලයන් පතුරවන ඕපාදූප ප්ලාන්ටේෂන් කම්පනිය වඩාත් අසරණ තත්වයට පත් කෙරිණි.  තැරැව්කරුවන්, සැපයුම්කරුවන් සහ සමහර කොටස්කරුවන් අගලවත්ත ප්ලාන්ටේෂන් සමග ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් කලබලයට පත්ව සිටිති.

අහිංසක වතු සේවකයන්ට මුදල් නොලැබී ගියද ප්‍රධාන කොටස්කරුවන්ට මෙයින් බලපෑමක් නොවේ.  ලැයිස්තු ගත සමාගම්වල  විදේශ ගත මුදල් ආයෝජනය කරන අගලවත්ත වැවිලි සමාගමේ මැලේසියානු කොටස්කරුවා ගේ ගැටළුව මෙහිදී වඩා උග්‍ර වේ. එක පැත්තකින් ආණ්ඩුව විදේශීය ආයෝජකයන්ට ආරාධනා කරන ගමන් අනෙක් පසින් එසේ මෙරටට පැමිණි විදේශ ආයෝජකයන් ආරක්ෂා කිරීමට උත්සාහ නොගනියි.

මෙය කිහිප දෙනෙකුගේ කෑදරකම සහ උඩගුකම නිසා සිදුවන්නකි. එබැවින් දිස්ත්‍රික්ක තුනක විසිරීසිටින දහ දහසකට අධික ජනතාවගේ ජීවිත අනතුරේ හෙලා මව්බිමේ කීර්ති නාමය කෙලෙසීමට ඉඩ දිය යුතුද?

වෛද්‍ය ක්‍රිස් නෝනිස් මෙන්ම පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා සමාගමේ අධ්‍යක්ෂකවරියක් ලෙස කටයුතු කළ ඔහුගේ වැඩිමහල් සොයුරිය නිර්මලී සමරතුංග මහත්මියද මේ සම්බන්ධයෙන් එකා මෙන්ම වගකිවයුතු බව මැක්වුඩ් සමාගම් සමූහයේ සේවකයන්ගේ මතයයි.

Share on Google Plus