සජින්ව බේරගන්න හැදූ දකුණේ ඇමති කවුද?


ද්‍රවිඩ ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 30 ක මුදලක් බලෙන් ලබාගැනීමේ චෝදනාව යටතේ ඊයේ (27) රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කොට, ජුලි මස 05 වැනිදා දක්වා රිමාන්ඩ්භාරයට පත්කරන ලද විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්ෂන මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන බේරාගැනීම සඳහා එජාපයේ 'දකුණුලකේ අග නගරේ' ඇමතිවරයෙකු දැඩි උත්සාහ දරා ඇති බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මෙම ඇමතිවරයා ඊයේ සජින් වාස් ගුණවර්ධන රහස් පොලීසියට ගිය අවස්ථාවේ සිට පොලිස්පතිවරයා ඇතුළු ඉහළ නිළධාරීන් රැසකට දුරකතන ඇමතුම් ලබාදෙමින් 'මොන විදියකටවත් සජින්ව උසාවි දාන්න එපා. කටඋත්තරයක් අරන් යන්න අරින්න' යනුවෙන් බලපෑම් කොට තිබේ.

ඊට පැහැදිලි පිළිතුරක් දී ඇති පොලිස්පතිවරයා පවසා ඇත්තේ 'මම රහස් පොලිසියේ වැඩවලට ඇඟිලි ගහන්නෙ නෑ. ඒ අය හරිදේ කරාවි' කියාය. 

මෙම ඇමතිවරයාම මෑතකාලයේදී දූෂණ චෝදනාවලට ලක්වූ රාජ්‍ය නිළධාරියෙකු තම අමාත්‍යංශයට පත්කර ගැනීම සම්බන්ධයෙන් දැඩි විවේචනවලට භාජනය වූ අයෙකි.

Share on Google Plus