සාගලට සාලාව අමතක නොවේ : Photos


කොස්ගම, සාලාව යුධ හමුදා කදවුර අනතුරට පත්වීමෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලසීමට ක්‍රියාත්මකකර ඇති වැඩසටහනෙහි ප්‍රගති සමාලෝචන රැස්වීමක් අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය  සාගල රත්නායක මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ හංවැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ඉන් අනතුරුව සාගල රත්නායක මහතා කොස්ගම, සාලාව ප්‍රදේශයේ නිරීක්ෂණයක නිරත විය. ඒ, විපතට පත්වූ ජනතාවට සලසා ඇති සහන කටයුතු නිරීක්ෂණය කිරීමටයි.

මෙහිදී අමාත්‍යතුමන් කොස්ගම රණවිරු ගම්මානයේ මෙන්ම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරෙමින් පවතින මහජනතාවගේ නිවාස කිහිපයක්ද නිරීක්ෂණය කරනු ලැබීය.

මෙම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ගීතාංජන ගුණවර්ධන යන මහත්වරුන් සහ ප්‍රාදේශීය දේශපාලඥයන් පිරිසක්ද සහභාගී වූහ. එමෙන්ම මෙම අවස්ථාවට ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුලු හමුදා කදවුරේ සිදුවීමෙන් විපතට පත්වූ පවුල්වල සාමාජිකයින්ද සහභාගිවී සිටියහ.







Share on Google Plus