'මරික්කාර්' අවතැන්වූ දරුවන්ගේ පාසල් ගමනට පාරකපයි.


පසුගියදා පැවතුනු ගංවතුරත් එක්ක අවතැන්වුන ජනතාවට ඉතිරිවුනේ තමන්ගේ ඇඳි වත විතරයි.

මේ අතරේ කොලොන්නාව ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාමනිලධාරීවසම් 46න් 36කම ජනතාව ගංවතුරින් පීඩාවට පත්වුණා.

ඒ අතර පාසල් දරුවන්ගේ පොත්පත් සියල්ල ගංවතුරේ පාවෙද්දි ඔවුන්ට ඉතිරි වුනේ ඉගෙන ගත්තු දේවල් පමණයි.

පාසල් ලමුන්ට පාසල් නිළ ඇඳුම් හා පෙළ පොත් ලබාදීමේ වැඩසටහනක් රජය මගින් පවත්වද්දී කොලොන්නවා ආසනයේ ගංවතුරින් අවතැන්වූ ළමුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා අභ්‍යාස පොත් බෙදා දීමක් සිදුකලා.

කොළොන්නාව අධ්‍යාපන කොට්ඨාශයේ වැල්ලම්පිටිය විද්‍යාවර්ධන, සේදවත්ත සිද්ධාර්ථ හා අඹතලේ සමුද්‍ර දේවි විද්‍යාලයන්හි අභ්‍යාස පොත් හා පාසල් උපකරණ ලබා දීම සිදුකර තිබුණා.

එම අවස්ථාවට සහභාගිවෙමින් මරික්කාර් මහතා පැවසුවේ 'කොළොන්නාව මැතිවරණ ආසනයේ පමණක් 15000 පමණ දරුවන්ගේ අධ්‍යාපනය අවශ්‍ය බොහෝ දේ නැති වුනා. නමුත් මෙම ගංවතුරට අපේ දරුවන්ගේ අධ්‍යාපනය පා කරගෙන යන්න බලබලෙන් අරගෙන යන්න ඉඩ දෙන්න බෑ. 

තව මාසයක් යනකොට ගංවතුර හැමෝටම අමතක වෙයි. හැබැයි අපේ දරුවන්ගේ අධ්‍යාපනයට වන හානිය කාටවත් මතක නැති වේවි. ඒ නිසා කොළොන්නාවේ දරුවන්ට කුඩු වලටයි , ගංජා වලටයි පුරුදු කරන්නේ නැතිව අධ්‍යාපනයෙන් පුරුදු කරලා දියුණු කරන්න අවශ්‍යයයි. එහෙම කරලා 

උගතුන් බුද්ධිමතුන් බිහි කරන්න නම් මේ මොහොතේ ක්ෂණිකවම අධ්‍යාපනය නගා සිටුවීම තමයි හොදම ක්‍රියාමාර්ගය.ඒ නිසා කොළොන්නාව ආසනයේ සිටින ගංවතුරෙන් අවතැන් වූ සියලුම පාසල් සිසු දරුවන්ට අභ්‍යාස පොත් ඇතුලු පාසල් උපකරණ ලබා දීමේ වැඩසටහන අපි පටන් ගත්තා . අපි බලාපොරොත්තු වෙන්නේ ගංවතුර අපේ වාසනාව කරගෙන කොළොන්නාවේ කාණු , ඇළ මාර්ග, ගංගා ටිකහරියට හදා ගෙන.දරුවන්ගේ අධ්‍යාපනය යථා තත්වයට පත් කරලා ජීවිකාව හරියට ගෙනල්ලා දියුණු තැනක් බවට පත් කර ගන්න මේක අවස්ථාවක් කර ගන්න ඕනේ ' යනුවෙන් පැවසූවා.



Share on Google Plus