ජනපතිට මුවාවී කිලීගේ පදයට රනිල්ට මඩ ගැසූ ශිරාල්ට වැඩ වරදී.


දේශපාලනයේ චරිත අන්දවා ගැනීම සහ ඇන්දීම පිළිබද කිලිටි ඉතිහාසයක් අත්තේ සිරසේ කිලී මහරාජාටය. වරෙක කරූ අන්දවා රනිල්ට අභියෝග කර කරූ නන්නත්තාර කර සජිත්ගේ ස්ථානය තහවුරු කරන ලදී. තවත් විටෙක තිස්ස අත්තනායක අන්දවා රනිල්ට අභියෝග කර තිස්ස නනත්තාර කළේය. 

මෛත්‍රී ගුණරත්න, බුද්ධික පතිරණ යන දෙබැයන් සිරසේ කිලී විසින් අන්දන්නේද, මංගල සමරවීරට අභියෝග කිරීමටය.

අනතුරුව ඔවුන්ද නන්නත්තාර වන්නේය.

ශිරාල් ලක්තිලක කලක් එජාප කෝට්ටේ ආසන සංවිධායක ලෙස කටයුතු කල නමුත් ඔහුගේ දක්ෂතාව කෙතරම් ද යත් බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් ද ඔහු පරාජයට පත්විය.

ඉන් පසු විවිධ සංවිධාන නමින් ලිද ලග සංගම් සාදා සිරසේ කිලී විසින් ශිරාල් ලක්තිලක මෙහෙයවන්නේද රනිල්ට අභියෝග කිරීමටය. 

අවසානයේදී ශිරාල් ද නන්නත්තර වන්නේය.


පසුව එජාප නායකත්වය විවේචනය කරමින් රාජපක්ෂ රජයේ ජනාධිපති උපදේශකවරයෙකුගේ පුතෙකු වූ මෛත්‍රී ගුණරත්න සමඟ එක්ව එජාපයට එරෙහි ව්‍යාපාරයක් ආරම්භ කල ශිරාල් පසුගිය ජනාධිපති මැතිවරණයේදී මෛත්‍රී පාර්ශවයට සහය දැක්වීය.


අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය උපදේශක කමිටුවේ සාමාජිකයෙකු වන නීතීඥ ශිරාල් ලක්තිලක කිලීගේ උවමනාව මත තම පෞද්ගලික කෝන්තර හා වෛරයන් පිරිමසා ගැනීමේ දීන ක්‍රියාවලියක නිරත වන වෙමින් සිටියි.

එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග බද්ධ වෛරයකින් කටයුතු කරන කිලීගේ බළල් අතවන ශිරාල් ලක්තිලක සම්බන්ධයෙන් වහාම ජනපති විසින්ම තින්දුවක් ගැනිමට කටයුතු කලයුතු බව රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපතිට දැන්වු බව එජාප විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කර සිටියි.

ඒ, ජනාධිපතිවරයාට මුවාවි අග්‍රාමාත්‍යවරයාට එරෙහිව කුමන්ත්‍රණ දියත් කිරීම හේතුවෙනි.

කෙසේ නමුත් අපට නම් කීමට ඇත්තේ ජනාධිපතිවරයාට ශිරාල් ලක්තිලක වැනි ඔලු දෙකේ පුද්ගලයින් හදුනා ගන්න බැරි වුනොත් ඔහුට සිදුවන්නේ ඉත්තැවා සමග සංවාසයේ යෙදුණු හාවට වූ දේ බවයි.

එදාට ඉතින් අපට කියන්නට වෙන්නේ "අයියෝ ගමරාල" කියා පමණි.

-රන්සර සඳරුවන්ගේ ෆේස්බුක් සටහනක් ඇසුරිනි.


Share on Google Plus