එස්.බී. නොදන්න කම්බ හොරු මෙන්න...


වත්මන් යහපාලන ආණ්ඩුවේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා වූ අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ පළමු සේවා කාලය අවසන් වීමත් සමග එතුමාව නැවත ධුරයේ පිහිටුවීමට එරෙහිව ජනාධිපතිවරයාට ගතු කීමේ නියාලු කොන්ත්‍රාත්තුවක් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික ආණ්ඩුවේ අමාත්‍ය එස්.බී.දිසානායක මහතා නිරතව සිටී.ඒ පිළිබදව අපගේ කිසිදු ගැටලුවක් නොමැත.

ගැටලුව පවතින්නේ එස්.බී.දිසානායක මහතාට සොරකම්,දූෂණ පිළිබදව නිර්ණායක දීමට විෂය දැනුමක් සහ සාධාරණ සදාචාරාත්මක අයිතියක් තිබේද යන කරුණ අරඹයාය. එස්.බී.දිසානායක මහතා පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ උසස් අධ්‍යාපන කැබිනට් අමාත්‍යවරයා ලෙස ක්‍රියා කරන ලද සමයේදී එවකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා එක්ව 'බංකොලොත් භාවයට පත් ග්‍රීක බැදුම්කර ගණුදෙනු' පවත්වන විට සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් රජයේ මුදල් යොදා ගනිමින් තම පෞද්ගලික හිතවත් ව්‍යාපාරිකයන්ට ප්‍රිය සම්භාෂණ පවත්වන විට එස්.බී.දිසානායක මහතා එවකට විරුද්ධ වූයේ නැත.

රට පුරා විශ්වවිද්‍යාල සදහා නේවාසිකාගාර සෑදීමේදී ඒවා නිසි ප්‍රමිතියෙන් තොරව සාදන බවට සිසුන් චෝදනා නගද්දී එස්.බී.දිසානායක මහතා සිදු කරේ විශ්වවිද්‍යාල සිසුන් නරි,මුගටි,කූඩැල්ලන් ලෙස හදුන්වාදීමත් ශිෂ්‍යාවන්ගේ කන්‍යාභාවය මනස විකල් වූ මහාචාර්යවරුන් සමග එක්වී පරීක්ෂාවට භාජනය කිරීමට යාමත්ය.

මහපොළ උත්සව සදහා අනර්ථකාරී ගීත ගයන ගායකයින් ගෙන්වා විශාල සැණකෙළි පවත්වා නිකරුනේ මුදල් නාස්ති කරේ එස්.බී.දිසානායක මහතාය. මාළඹේ පෞද්ගලික විශ්වවිද්‍යාල නිසි ප්‍රමිතියකින් හෝ නිසි නියාමනයකින් තොරව ආරම්භ කිරීමට අණ ලබා දුන්නේ එස්.බී.දිසානායක මහතාය. එතුමා ඒ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ සිදු කරන ලද කෙරුවාවල්ය.ඒවායේ තරම කෙතරම්ද යනු 2015 මහ මැතිවරණයේදී මනාප ඡන්ද 30,000ක් වත් ලබා දීමට තරම්වත් මහනුවර ජනතාවගේ අභිමානය එස්.බී.දිසානායක මහතා කෙළසා තිබුණි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ජනාධිපතිනියගේ ආණ්ඩුවේ එස්.බී.දිසානයක මහතා උඩරට සංවර්ධන සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍යවරයා ලෙස ක්‍රියාකරන ලද සමයේ එස්.බී.දිසානායක මහතා විසින් සුපිරි පන්නයේ නිවසක් තනා පසුව වංචා චෝදනාවලට පවා හසු වූ අයුරු ඔබට මතකද?උත්තරීතර අධිකරණයේ ලබා දුන් තීන්දුවට විවිධ විවේචන එල්ල කර මොහුට මහ උළු ගෙදර ලැගීමට පවාද සිදු විය.

මෙවන් අමාත්‍යවරයෙකු හට පමණක් වර්තමාන මහ බැංකු අධිපතිවරයා හොද නැති වුවද හිටපු මුදල් අමාත්‍යවරයා වූ මහින්ද රාජපක්ෂ මහතා විසින් තම පුතුන් 3 දෙනා හට සුර සැප දීමට දණින් වට්ටවා දැමුණු ආර්ථිකය මෙතරම් හෝ වර්ධිත තත්වයකින් පවත්වා ගන්නේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයාගේ දක්ශතාව සහ ජාත්‍යන්තර සබදතා හේතුවෙන් බව කිව යුතුය.

රාජපක්ෂ පවුලේ වුවමනාවට එකල බැදුම්කර නිකුත් කරේ පුදගලික නිකුතු ලෙස ඉතාම රහසිගතවය. නමුත්,වර්තමානයේ බැදුම්කර නිකුත් කරනු ලබන්නේ වෙන්දේසි ක්‍රමයට පරිගණක මෘදුකාංග ආධාරයෙනි.එයට කිසිවෙකුට බලපෑම් කළ නොහැකි වේ.ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පවාද වර්තමාන මහබැංකු අධිපතිවරයාට නඩු පැවරීමට ගියත් පසුව තම පාර්ශවය නගන අමූලික බොරු ඔප්පු කිරීමට නොහැකි වාතාවරණයක් තුළ නඩුව ඉල්ලා අස් කර ගත්තේද ඒ නිසාමය.

මුදල් අමාත්‍යවරායාගේ විශ්වාසභංග ඡන්දයේදී මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාට කොන්ද පණ ඇතිව ඡන්දයක් පවා භාවිතා කිරීමට ඔහුගේ පාලන කාලය තුළ වූ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය සහ ඔහුගේ විනාශකාරී පුත්තු තිදෙනාගේ වැරදි ක්‍රියා ඉඩක් නොතිබූ බව සැගවීමට උත්සාහ දැරුවද අද ඒ බව මුළු රටම දැන ගෙන අවසන්ය.

'වොක්ස්වැගන් මෝටර් රථ කර්මාන්තශාලාව කුලියාපිටියේ ස්ථාපිත වනුයේ' රට තුළ පවත්නා නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසාය. ෆේස් බුක් සමාගමේ සහ ගූගල් සමාගමේද ආයෝජන තව නොබෝ දිනකින් ශ්‍රී ලංකාවට ලැබේ.පවුලක් වටා ගොණු වූ ආර්ථික ප්‍රතිලාභ මේ වසර අවසානයට පෙර සමස්ත ජනතාවටම ලැබීමට නියමිතය.

ඊට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර පරාජිත දේශපාලකයින් ජනාධිපති තුමාට කේළාම් කීමට ගියද වර්තමානයේ කේළාම් පිළිගන්නා ජනාධිපතිවරයෙකු නැතැයි අපි විශ්වාස කරමු!


-ඉෂාර ලක්මිණ | Ishara Lakmina
© Lanka DNA

Share on Google Plus