යහපාලන එකඟතා කෑගල්ලේදී කඩයි - ජනපතිත් යයි.


කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුණි.

කෑගල්ල නගර ශාලාවේ පැවති මෙම සංවර්ධන කමිටු රැස්වීම සඳහා එකසත් ජාතික පක්ෂය නියෝජනය කරන ප්‍රධාන මැති ඇමතිවරු කිසිවෙකු සහභාගී වුයේ නැත.

ඊට හේතු වුයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජිත් පෙරේරා මෙන්ම අමාත්‍ය කබීර් හෂීම් මහතා ද නිල සංචාරයක නිරත වී සිටීමයි.

එසේ තිබියදී අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අත්තනෝමතිකව මෙම කමිටු රැස්වීම සංවිධානය කර තිබීම යහපාලන එකන්ගත්වන්ට අනුකුල වුවක් නොවේ.

කෙසේ නමුත් මේ සමබන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ මෙවැනි තත්වයක් තුල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද රැස්වීමට සහභාගී වීම යහපාලන ආණ්ඩුව තුල පවතින දෙදරීම පෙන්නුම් කරන බවයි.

Share on Google Plus