මනුෂ්‍ය ඝාතනයකට යොදාගත් ඩිෆෙන්ඩරයක් මාදිවෙල මන්ත්‍රී නිවාසවල.


මනුෂ්‍ය ඝාතන ඇතුළු විවිධාකාර දූෂණ අක්‍රමිකතාවලට යොදාගත් බව කියන ව්‍යජ අංක යෙදූ ඩි‍ෆෙන්ඩරයක් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ගාල්කර තබා ඇති බව සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හා පා.ම ආනන්ද අලුත්ගමගේ මහතා විසින් අද (21) මාධ්‍යවෙත අනාවරණය කර තිබේ.

මෙම ඩෆෙන්ඩරය පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පරිහරණය කළ එකක් බවත් එම ඩිෆෙන්ඩරය ක්‍රීඩා අමාත්‍යංශය සතු වාහනයක් බවත් වාර්තා වේ.

එම ඩිෆෙන්ඩරයේ යොදා ඇති GE 2034 අංකට කිසිඳු වාහනයක් ලියාපදිංචි කර නැති බව  මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තහවුරු කර ඇති බවද පැවසේ.

මෙම රථය යොදාගෙන සිදු කළ මනුෂ්‍ය ඝාතන, පහරදීම් ඇතුළු දූෂණ වංචා සම්බන්ධයෙන් අධිකරණයේ නඩු ඇති බවත් මෙම අංකය සහිත වාහනය අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩුයක් ලෙස ඉදිරිපත් කිරීමට අධිකරණයෙන් නියෝග නිකුත් කර ඇති බවත් එහිදී අනාවරණය විය.

කෙසේ වුවද දැන් එම වාහනය මෙතැන ඇති බවත්, වගකිව යුතු නිලධාරීන් මේ ගැන සොයාබැලිය යුතු බවත්, නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක මහතා අවධාරණය කරයි. 

මෙම වාහනය පසුගිය මැයි 13 වැනිදා සර්විස් කර ඇති බවත්, අවසන් වරට එය මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයට පැමිණ ඇත්තේ 2016.05.14 වැනිදා බවත්, එය කිලෝමීටර් තුන්ලක්ෂ ගණනක් ධාවනය කර ඇති බවත් රංජන් රාමනායක මහතා පවසයි.

Share on Google Plus