රනිල් - දිනේෂ් එක කාර් එකේ : කොස්ගම හානියට සම්පූර්ණ වන්දියක්.


 අද උදැසන කොස්ගම සාලාව ප්‍රදේශයේ ගින්නෙන් සහ පිපිරීම්වලින් සිදුවූ හානි නිරීක්ෂණයට සහ විපතට පත් ජනතාව හමුවීමට ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රබලයෙකු වන දිනේෂ් ගුණවර්ධන මහතා ද තම මෝටර් රථයේ නන්වගෙන් ගොස් ඇති බවට වාර්තාවේ.

එහිදී ඔවුන් සාකච්ඡා කල කිසිවක් වාර්තා නොවන නමුත් අගමැතිවරයාගේ මෙම ක්‍රියාව එහි සිටි බොහෝ දෙනෙක්ගේ විමතියට හේතු වී තිබේ.

එසේම කොස්ගම හමුදා කදවුර ආසන්නයේ පිහිටි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමන්ගේ නිවස වෙත ගොස් එම පවුලේ පිරිස සමග මෙම සිදුවීම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට ද රනිල් වික්‍රමසිංහ මහතා අමතක කළේ නැහැ.

එසේම කොස්ගම සාලාව හමුදා කඳවුරේ ඇතිවූ ගින්න නිසා අර්ධ වශයෙන් හානිවූ නිවාස ප්‍රතිසංස්කරණයට සහ සම්පුර්ණයෙන්ම විනාශවූ නිවාස යළි ඉදිකිරීමට රජය මගින් වන්දි ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන අතර ප්‍රදේශයට හෙට දින යළිත් විදුලි සැපයුම ලබා දෙන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  එහිදී සඳහන් කළා. 

හානියට පත් ග්‍රාමසේවා වසම් 9ක් ඇති බවත් ඉන් කොටසක ජනතාවට යළිත් නිවාස වෙත යෑමට හැකි බවත් කියා සිටි අගමැතිවරයා ඉතිරි ප්‍රදේශවල පදිංචි කිරීම ආරක්ෂක අංශවල උපදෙස් මත සිදු කරන බවයි පෙන්වා දුන්නේ.





Share on Google Plus