ශ‍්‍රීලනිපය කඩන්න බැසිල්ට රෝ සහාය.


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රීලනිපය තුළ ශක්තිමත් වීම වැළැක්වීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා පසුගිය කාලයේ ගෙන ගිය වැඩපිළිවෙළ ඉන්දියානු රජයේ අනුදැනුම ඇතිව සිදූවූවක් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඉන්දියාවේ රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය මේ මෙහෙයුම සිදු කර ඇත.

පසුගිය රාජපක්ෂ පාලනය පෙරළා දැමීම සඳහා ද ඉන්දියාවේ රෝ ඔත්තු සේවය ප‍්‍රමුඛ කාර්යභාරයක නිරතව සිටි නමුත් මේ වන විට වත්මන් ජනාධිපතිවරයාගේ පාලනය ඉන්දියාව අත තබා ගැනීම වෙනුවෙන් ඔහුව දුර්වල කර තබා ගැනීම ඉන්දියාවේ දේශපාලන උපාය මාර්ගයක්ව තිබෙන බවත් එම ආරංචි මාර්ග පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා දීර්ඝ කාලයක් මුළුල්ලේ ඉන්දීය රජයේ ප‍්‍රධානීන් සමඟ සමීප ඇසුරක් පවත්වාගෙන යන අතර පසුගිය පලන කාලයේ දී මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා චීන රජයට වඩාත් සමීපව කටයුතු කිරීම නිසා ඇති වූ ඉන්දීය බලපෑම පාලනය කර ගැනීම සිදු කළේ ද බැසිල් රාජපක්ෂ මහතා විසිනි.

බැසිල් රාජපක්ෂ මහතාගේ දියණියක විවාහව සිටින්නේ ද ඉන්දියාවේ ප‍්‍රබල ව්‍යාපාරික තරුණයකු සමඟය.

-ඩී. මංජුල කුමාර
-SathHandha

Share on Google Plus