වැරදිකරුවන් ආරක්ෂා කරන්නේ නෑ : රනිල්.


වැරදි කළ කවුරුවත් ආරක්ෂා කිරීමේ උවමනාවක් නැති බවත් මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් පවතින චෝදනා සඳහා මේ වන විට කෝප් කමිටුවෙන්ද පරීක්ෂණ පවත්වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ස්වාධීන රූපවාහිනී සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය. මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව පවතින චෝදනා පිළිබඳව විමසීමට පත්කළ කමිටුමේ වාර්තාවෙන්ද ඔහු නිදොස් කර තිබෙන බව අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

එසේම මහ බැංකු අධිපිතිවරයාට එරෙහිව පවතින චෝදනාවල පදනමක්නැති බවත් චෝදනා වලින් වැරදිකරු වෙනවානම් ඒ පිළිබඳව වැඩ කටයුතු කරන බවත් අග්‍රමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

Share on Google Plus