අලුත් පක්ෂයක් එයි! මහින්ද විශේෂ සාකච්ඡාවක (PHOTOS)


ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගේ හා උප සභාපතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් ඊයේ(07) බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලයේදී පැවැත්විණි.

එම විශේෂ සාකච්ඡාව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ඊට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද සහභාගී වී තිබේ.

එළැඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් වෙනම පක්ෂයක් නිර්මාණය කොට තරග කිරීමට අවකාශ ලබා දෙන ලෙස එම විශේෂ හමුවට පැමිණි ප්‍රාදේශීය සභා සභාපතිවරුන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

මේ අවස්ථාවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පවිත්‍ර වන්නිආරච්චි, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවිර යන මන්ත්‍රීවරු ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මහජන නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.

Share on Google Plus