රාජිතගේ පෙට් කෝලම හෙවත් අර්ජුන මහේන්ද්‍රන් භීතිකාව.


රජයෙන් පිරවිය යුතු අඩුවක් ව තිබු මහරගම පිළිකා රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රය මහජනතාව සහ මාධ්‍ය එක්ව පසුගිය දා සාර්ථක මෙහෙයුමකින් පසු අවශ්‍ය මුදල් රැස්කර ගැනීමට සමත් විය.

ඉන් පසු ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ තවත් පෙට් ස්කෑනරයක් රජයේ වියදමින් මහරගම පිළිකා රෝහලට ලබාදෙන බවයි.

රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා නින්දෙන් නැගිට තවත් පෙට් ස්කෑනරයක් ලබා දෙන්නට හදන්නේ ඇයි දැයි අප නොදනිමු.

එහෙත්, සෞඛ්‍ය අමාත්‍යවරයාට රටේ සෞඛ්‍ය සේවය ගැන සොයා බලනවාට වඩා වෙනත් සාකච්ඡා ඇතැයි අප දනිමු.

ඒ, ශ‍්‍රි ලංකා මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ගෙදර යැවීමට වෙබ් අඩවි කිහිපයක සහ පුවත්පතක මහ මොළකරුවන් හමුවීමටය.

අදාළ සාකච්ඡාවේ ප්‍රතිපලයක් ලෙස ඊට පෙර සතියේ ඔවුන් විසින් ම පලකල පුවතක් පසුගිය ඉරිදා හාත්පසින් ම වෙනස් කතන්දරයක් ලෙස ඔවුන් පල කළහ.

ඒ ගැන අපට ගැටළුවක් නැත. නමුත් රාජිත, අර්ජුන මහේන්ද්‍රන් ඉවත් කිරීමට වෙරකන්නේ කාගේ වුවමනාවකට ද යන්න අපට ගැටලුවකි.

Share on Google Plus