දිගම්බරම්ගේ විරෝධය හේතුවෙන් තොණ්ඩමන්ගේ ඇමතිකම හැලේ.


ලංකා කම්කරු කොංග‍්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතාට ආණ්ඩුව සමඟ එක් වී කටයුතු කළ හැකි නමුත් වර්තමාන ආණ්ඩුව ඔහුට අමාත්‍යධූරයක් ලබාදුනහොත් තමා ඊට විරුද්ධත්වය පළ කරන බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප‍්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා ප‍්‍රකාශ කරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන හවුල්කාර පක්ෂයක් වන ආරුමුගන් තොණ්ඩමන් මහතා නායකත්වය දරන ලංකා කම්කරු කොංග‍්‍රසය ලබන සතියේ සිට රජයට එක්වීමට කැමැත්ත පළ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කළ අතර ඒත් සමඟම ඔහුට රජයේ කැබිනට් ඇමැතිධුරයක් හිමිවීමට නියමිත බව ද සඳහන් විය.

කෙසේ නමුත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ අමාත්‍ය පලනි දිගම්බරම් මහතාගේ විරෝධතාවය හේතුවෙන් ආරුමුගන් තොණ්ඩමන් මහතා ආණ්ඩුවට එක කර ගැනීමේ අදහස අත්හැර දමා ඇති බවයි.

Share on Google Plus