සා.පෙ.ට ලියන හැමෝටම උසස් පෙළ වරම්.


ලබන වසරේ සිට අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන සියලූම අපේක්‍ෂකයින්ට උසස් පෙළ විභාගයට අවස්ථාව ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

ශිෂ්‍යත්ව විභාගයේ දිස්ත‍්‍රික් මට්ටමින් වැඩිම ලකුණු ලබාගත් සිසුන් සඳහා ශිෂ්‍යත්ව පිරිනමමින් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මෙම අදහස් පළ කළා. කඩඉම් විභාග පිළිබඳව ද ඉදිරියේදී විශේෂ තීරණ ගන්නා බව අමාත්‍යවරයා මෙහදි හෙළිකළේ.

2014 හා 2015 වසරවල ශිෂ්‍යත්ව විභාගයෙන් දිස්ත‍්‍රික් මට්ටමින් වැඩිම ලකුණු ලබාගත් දරුවන් දහසක් වෙනුවෙන් ශිෂ්‍යත්ව මෙහිදී පිරිනැමුණා. සිංහල සහ දෙමළ මාධ්‍ය නියෝජනය වන පරිදී සිසු දරුවන් තෝරා ගැනීමට කටයුතු යොදා තිබුණා.

Share on Google Plus