රාහුල්ට හොඳනං මං පගා ගත්තම මක්කා වෙනවද?


'ඉන්දියාවේ බිස්නස්කාරයෝ හැම එක්කෙනෙක්ම කොන්ග්‍රස් ආණ්ඩුව තියන කාලේ හැම ප්‍රොජෙක්ට් එකක්ම ඇපෘ කරගන්න රාහුල් ගාන්ධිට පගාව දීලා තියනවා. ඉතින් රාහුල්ට එහෙම කරන්න හොඳනං මම පොඩි සම්තින් එකක් ගත්තම මොකද වෙන්නේ ?' යැයි අසා ඇත්තේ දකුණේ, ගිරුවාපත්තුවේ අසහාය තරුණ නායක ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ විසිනි.

නාමල් එසේ පවසා ඇත්තේ ඔහුට හිතවත් තරුණ ව්‍යාපාරිකයෙකුටය. නමුත් එම තරුණ ව්‍යාපාරිකයා පවසා ඇත්තේ ඉන්දියාවේ මාධ්‍ය කවදාකවත් එසේ පගා චෝදනාවක් රාහුල් ගාන්ධිට එල්ලකර නැති බවයි. 'ඉන්දියාවෙ මීඩියා එක ගාන්ධිලට බය නිසා චෝදනා කරන්නෙ නෑ. චෝදනා කළොත් එයාලට යන්න වෙන්නෙ සුදුවෑන් වලින්. රාජපක්ෂලා ගාන්ධිලාට වැඩිය ප්‍රජාතන්ත්‍රවාදී නිසා අපි ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න ඉඩ දීල තියනවා' යනුවෙන් නාමල් මිතුරාට පිළිතුරු දී තිබේ.

නාමල්, මිතුරාට වැඩිදුරටත් පවසා ඇත්තේ 'අපි හම්බ කළා කිව්වට අපි පස්දෙනාට ඉන්න හිටින්න ගෙයක්වත් නෑ. බලයෙ ඉන්න කාලෙ මම තාත්තිටයි අම්මිටයි ඕක නිතරම කිව්වා. නමුත් ඒ අය ගණන් ගත්තෙ නෑ. රට හදන්නමයි ඒගොල්ලො කැප උනේ. පුංචි ආච්චි (ඩේසි ෆොරස්ට්) එයාගෙ සල්ලිවලින් ගත්ත ඉඩම් 14 කට FCID එක යෝෂිත මල්ලිව අල්ලගෙන. සේරම කරන්නෙ අපිට මඩ ගහන්න. අපිටත් ආයිත් කාලයක් ඒවි. එදාට අපි උත්තර දෙන්නම්' කියාය. 

ව්‍යාපාරික මිතුරා ඉන් අනතුරුව කිසිවක් නාමල්ගෙන් විමසා නැත්තේ රාජපක්ෂවරු බුදුන්ගේ නෑයන් බවට ජැක්සන් ඇන්තනි පැවසූ කතාව මතක්වීම නිසාවෙනි.

යුද සමයේ ආරක්ෂිත බංකරයේ සිට නාමල් තම ආරක්ෂාව සලසා ගත් හැටි....







Share on Google Plus