නාමල් ඇතුළු පිරිස අත්අඩංගුවට.


පසුගිය රාජපක්ෂ රජය යටතේ සිදු කෙරුණු දූෂිත ගල් අඟුරු ටෙන්ඩරයක් සම්බන්ධයෙන් එහි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම මූළ්‍ය අපරාධ කොට්ඨාශයට (FCID) ‍තම අභිමතය පරිදි සිදු කරන ලෙස නීතිපතිවරයා දැනුම් දී තිබේ.

ඒ අනුව ඉදිරි දින කීපය තුලදී මෙම දූෂිත ටෙන්ඩරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පෑන් ඒෂියා බැංකුවේ සභාපති නිමල් පෙරේරා, නොයෙල් සෙල්වනායගම්, රොහාන් ඊරියගොල්ල සහ සුජානි බෝගොල්ලාගම මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කැඳවීමට නියමිතව පවතී. මෙම ටෙන්ඩරය ඉදිරිපත් කර ඇත්තේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අයත් හෙලෝ ක්‍රොප් (HELLO CROP)නම් සමාගම විසිනි.

FCID නිලධාරීන් හා නීතිපති අතර නෝක්කාඩුවක් 
මෙසේ ඉහත දැක්වූ පුද්ගලයන් කෙලින්ම අත්අඩංගුවට ගැනීම නිර්දේශ නොකර, ඔවුන්ගෙන් කට උත්තර ලබා ගත් පසු ඔවුන්ට එරෙහිව වරදක් අනාවරණය වන්නේ නම්, FCID නිලධාරීන්ගේ අභිමතය පරිදි ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා තම නිර්දේශයේ සඳහන් කොට ඇත්තේ මීට පෙර අවස්ථාවක ඇති වූ මතභේදාත්මක සිද්ධියක් නිසාය.

එනම් නීතිපතිවරයාගේ නිර්දේශය මත සංචාරක මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් මහජන මුදල් අවභාවිතය පිළිබඳව සාමූහිකව වගකීමකට යටත් වන හෙයින් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවන ලෙසට නියෝග කර තිබුනි.



නමුත් නීතිපතිවරයාගේ නිර්දේශය FCID නිලධාරීන් ක්‍රියාත්මක කිරීමට ගිය අවස්ථාවේදී රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් 150 කට අධික පිරිසක් හොරුන් වෙනුවෙන් පෙනී සිටිමින් ඉල්ලා අස්වන බවට තර්ජනය කළ අතර ඒ හා යමින් රජයේ ඉහලම පුද්ගලයෙකුද FCID ට පවසා ඇත්තේ රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් කෙරෙහි සානුකම්පිතව කටයුතු කරන ලෙසයි.

නමුත් නීතිපතිවරයා දැඩි ලෙසම කියා ඇත්තේ මෙය මහජන මුදල් අවභාවිතයක් බැවින් කෙසේ හෝ මොවුන් අත්අඩංගුවට ගන්නා ලෙසයි. එහි නම් සඳහන් වූ එක් පුද්ගලයෙකු මේ වන විට අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් තනතුරක් හොබවන බැවින් FCID වෙත යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවයන් දෙකෙන්ම දැඩි පීඩනයක් එල්ල වී තිබේ. කෙසේ නමුදු මේ දක්වා කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමක් සිදු වී නැත.

මේ තත්වය FCID ය හා නීතිපති දෙපාර්තමේන්තුව අතර නොහොද නෝක්කාඩුවක් දක්වා වර්ධනය වී ඇති බව වාර්තා වේ.

එසේ හෙයින් මෙවර නීතිපති නිර්දේශය FCID වෙත ලබා දී ඇත්තේ ‘වරදක් අනාවරණය වන්නේ නම් අභිමතය පරිදි අත්අඩංගුවට ගන්නා ලෙස'යි. කෙසේ නමුත් මේ වන විට නාමල් රාජපක්ෂ ඇතුළු ඉහත කී පුද්ගලයන් ඇප ලබා ගැනීම සඳහා ඇප මුදල් සහ රජයේ සේවකයන් සූදානම් කර ගනිමින් සිටින බව තතු දත් ආරංචි මාර්ග සඳහන් කර සිටී.

Share on Google Plus