නාමල්ගේ නම නිතිඥ නාම ලේඛනයෙන් ඉවතට?


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නම නිතිඥ නාම ලේඛනයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා තුෂාර ජයරත්න නම් අයෙකු විසින් අගවිනිසුරුවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

එම ලිපිය පහතින්,

අගවිනිසුරු තුමා,
අගවිනිසුරු නිල මැදිරිය
අලුත් කඩේ,
කොළඹ.
ගරු අගවිනිසුරු තුමනි,

ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතාගේ නම නිතිඥ නාම ලේඛනයෙන් ඉවත් කිරීම සදහා කරන කාරුණික ඉල්ලිමයි.

දසනායක මුදියන්සේලාගේ තුෂාර ජයරත්න වන මගේ ජාතික හැදුණුම්පත් අංකය 720692368v වේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ මාගේ ලියාපදිංචි අංකය 17988 වේ.

2010 ඔක්තෝම්බර් මස පැවති විභාගයේදි මම ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතා සමග අවසන් වසර විභාගයට අපේක්‍ෂකයෙකු ලෙස පෙනි සිටියෙමි. එම විභාගයේදි ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නීති විද්‍යාලය තුල සාමාන්‍ය ශිෂ්‍යයන්ගෙන් වෙන් කොට A/C කාමරයක විභාගය ලියු අතර එදින ඔහු විභාගය ලියු මේසය මත අන්තර්ජාල පහසුකම් සහිත පරිඝණකයක්ද තිබිනි.ශ්‍රී ලංකා නීති විද්‍යාලීය රීති අනුව විභාග අපේක්‍ෂයෙකුට විසන්ධිකල ජංගම දුරකථනයක් වත් ලග තබා ගත නොහැකි අතර විභාග ආරම්භයේදි අප අපගේ ජංගම දුරකථන විසන්ධි කොට විභාග පරීක්‍ෂක වරයාට භාර දිය යුතුය.

ගරු අගවිනිසුරු තුමනි ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ 2010 ඔක්තෝම්බර් මස පැවති විභාගයේ ප්‍රශ්න පත්‍ර ගරු ලක්‍ෂ්මන් රාජපක්‍ෂ මහතාට කලින් ලබා දි තිබුනි. මේ සම්බන්ධයෙන් මා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති වරයාටත් එවකට සිටි ගරු අගවිනිසුරු තුමාටත් අධිකරණ අමාත්‍යංශයේ ලේඛම් තුමාටත් කෙසෙල් වත්ත පොලීසියටත් මානව හිමිකම් කොමිසමට සහ අල්ලස් කොමිසමටත් ලිඛිතව හා වාචිකව පැමිණිලි කලෙමි. මෙම පැමිණිල්ලෙන් අනතුරුව එවකට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ (office manager) ලෙස කටයුතු කල ගජනායක මහතා මාගේ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නිළ දුරකථනය යොදා ගනිමින් එවකට මා සතුව තිබු ජංගම දුරකථනයට මරණ තර්ජනය කරන ලදී.

එම තර්ජන හේතුවෙන් මා හට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් විෂය පරීක්‍ෂණයට පෙනි සිටිමට නොහැකි විය.

ගරු අගවිනිසුරු තුමනි 2011 ජනවාරි 11වෙනි දින මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයේදි ,මා විසින් චෝදනා 3 ක් සම්බන්ධයෙන් සාක්‍ෂි ඉදිරිපත් කලෙමි එම චෝදනා වන්නේ

01. ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතාට අන්තර්ජාල පහසුකම් සහිතව A/C කාමරයක් ලබා දෙමින්, 
ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතාට විශේෂ පහසුකම් විභාගයේදි ලබා දුන් බව සහ එමගින් විභාග රීති උල්ලංගනය වු බව.

02. විභාගට පෙර ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතාට ප්‍රශ්න පත්‍ර ලබා දි තිබු බව.

03. ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතාට ඉහත මා කරන ලද චෝදනා ඉල්ලා අස්කර ගන්නා ලෙස බල කරමින් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නිළ දුරකථනය යොදා ගනිමින් මා හට මරණ තර්ජනය කල බව.

මෙම පරීක්‍ෂණයේ ප්‍රතිඵල අද වෙනතුරු මා හට දැණුනදි නොමැත.මෙම පැමිණිල්ල හේතුවෙන් 2 වතාවක්ම මාව පැහැර ගැනිමට ලක් වු අතර මාගේ නිවස තුලදීම බලහත්කාරි ලෙස ලියවිලි වලට අත්සන් ගන්නා ලද අතර තවත් වතාවකදි වෙඩි තැබීමකටද උත්සහ කරන ලදි.

ඒ සම්බන්ධයෙන් මා ශ්‍රී ලංකා පොලිසියටද,හිටපු ගරු අගවිනිසුරු තුමියටද,මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කලෙමි. එහෙත් ඔහුන් කිසිවෙකු ද මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු නොකරන ලදී.
.
මතු සිද්ධිය සම්බන්ධයෙන් මා නීතිඥ ලක්‍ෂාන් ඩයස් මහතා මගින් මානව හිමිකම් නඩුවක් ගොණු කරන ලද අතර ශ්‍රේෂ්ඨාධිකරණය මගින් හේතු දැක්විමකින් තොරව මාගේ මානව හිමිකම් නඩුව ඉවත දමන ලදී.
ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතාට එවකට සිටි ගරු අගවිනිසුරු තුමිය වන ශිරානි බන්ඩාරනායක මැතිනිය විසින් විශේෂ දිවුරුම් දිමක්ද ලබා දී තිබු අතර, ඇය ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතා සමග සිය නිළ මැදිරිය තුල ඡායා රූප වලටද පෙනි සිටියාය.මෙම අවස්ථාව වෙනත් කිසිදු නීති ශිෂ්‍යයෙකුට මීට පෙර හෝ පසුව ලැබී නැත.

ගරු අගවිනිසුරුතුමනි ,ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතා නැකතට දිව්රුම්දිමට අවස්ථාවක් ලබා දි තිබුණු අතර නැකතට පෙර ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතාගේ නම කථා කිරීම සම්බන්ධයෙන් එවකට ශ්‍රේෂ්ඨාධිකරණ රේජිස්ටාර් වරයාව සිටි මුදුන්කොටුව මහතා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන ලදී.

මතු සදහන් චෝදනා සම්බන්ධයෙන් ලිඛිත සහ වාචික සාක්‍ෂි ඉදිරිපත් කිරිමට මම සුදානමින් සිටිමි.

ශ්‍රී ලංකාවේ පැවති අනාරක්‍ෂිත තත්වය නිසා මා දැනට ස්විස්සර්ලන්තයේ දේශපාලන රැකවරන ලබා සිටිමි මා හට ශ්‍රී ලංකාවේදී සිදුවු වධ හිංසා හේතුවෙන් Post- traumatic stress disorder රෝගී තත්වයෙන් පසුවෙමි.මා මේ සම්බන්ධයෙන් දැනට ආසියාණු මානව හිමිකම් කොමිසම මගින් ජිනිවා මානව හිමකම් කොමිසමට පැමිණිල්ලක් ගොණුකර තිබේ. 

ගරු අගවිනිසුරුතුමනි ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතා ඔබ තුමා යටතේ ඇති විනය කමිටුවට කැදවා මතු සදහන් චෝදනා විභාග කොට ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතාව ශ්‍රී ලංකා නීතිඥ නාම ලේඛනයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිම.

මෙයට විශ්වාසී,
දසනායක මුදියන්සේලාගේ තුෂාර ජයරත්න.

Share on Google Plus