නාලන්දාවේ විදුහල්පතිට එරෙහි විරෝධය තවත් වැඩි වන ලකුණු.

චෝදනා ලබා ඇති නාලන්දාවේ විදුහල්පතිට එරෙහි විරෝධය තවත් වැඩි වන ලකුණු. එහෙත් බලධාරීන් තවමත් නිදි

පොලීසිය ලවා ගුරුවරුන් අසහනයට පත් කර පාසල් අයාලේ යැවීමේ නියමු ව්‍යාපෘතියක් කොළඹ නාලන්දාව පාදක කර ගෙන ක්‍රියාත්මක කරන්නේ ද? දිගින් දිගටම සිදුවන මෙවන් අසාධාරන ක්‍රියාවන් නාලන්දය තුල ක්‍රියාත්මක වීම සැබවින්ම කනගාටු දායකය. ඒ පිලිබඳ තවත් සාක්ශි සපයමින් වත්මන් විදුහල්පතිගේ තවත් පහත් ක්‍රියාවක් අපට ඊයේ මාධ්‍ය තුලින් දැකගන්නය හැකි විය.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමා මෙන්ම අමාත්‍යංශය මේ පිලිබඳ වගකිව යුතුමය. දූශණ අක්‍රමිකතා රැසක චෝදනා ඇති මෙම විදුහල්පතිට එරෙහිව අමාත්‍යංශ බලධාරීන් පියවරක් නොගන්නේ එක දුරකථන ඇමතුමෙන් ළමුන් පාසැලට ගන්නට මොහු උදව් කරනා නිසා බවද දැන ගන්නට ඇත. අප වෙත අදහස් දැක් වූ එක්තරා ආදි සිසුවෙක් පැවසුවේ මෙම විදුහල්පති රැගන්නට එක්තරා දේශපාලන නායකයෙකුද සිටින බවයි තවද අගනුවර ප්‍රධාන පාසැල් කිහිපයකද විදුහල්පතිවරුන් කිහිප දෙනෙකු මොහොගේ සහයට සිටින බවද ඔවුන් මොහු ආරක්ශ කිරීමට යොමු වී ඇත්ත්තේ යම් හෙයකින් මොහුගේ අක්‍රමිකතා අනුව වරදකරුවෙකු වුවහොත් ඔවුන්ගේද යම් යම් දූශණ හෙලි විය හැකි නිසා බව දැනගන්නට ඇත.

කෙසේ නමුදු අධ්‍යපන අමාත්‍යංශයේ මේ නිද්‍රා ශීලී පිලිවෙත මේ වනවිට බොහෝ පිරිසකගේ විවේචනයට භාජනය වී ඇත. ගුරුවරුන්ගෙන් පමණක් නොව තෝරාගත් ආදි සිසුවන් කිහිප දෙනෙකු ඉලක්ක කරමින් සිදු කරන පලි ගැනීම් නිසා වෙන් සමාජ ජාල වෙබ් අඩවි හරහා සමාජයේ දැඩි විරෝධයක් මේ වනවිටත් ගොඩ නැගෙමින් පවතින බව නොකියාම නොකියාම බැරිය. මෙය මහා ගැටුමක් බවට පත් නොකොට ඉක්මන් විසඳුමක් නාලන්දාවේ වත්මන් විදුහල්පති ගැටලුවට අධ්‍යපන බලධාරීන් ලබාදිය යුතුමය. කල් මරමින් මෙය ගැටුමක් බවට පත් කිරීමට අමාත්‍යංශයේ නිලධාරීන් කටයුතු කළ හොත් ඊට වගකිව යුත්තේ අධ්‍යපන අමාත්‍යංශයේ ලේකම් ඇතුලු නිලධාරීන් බව මතක තබා ගත යුතුය.







Share on Google Plus