නාලන්ද විදුහල්පති ගැහුව ගැහිලි මෙන්න - පසුපස බොරැල්ලේ දේශපාලඥයෙක්. (Video)


නාලන්ද විදුහල්පති ගැහුව ගැහිලි මෙන්න..
විදුහල්පති රැක ගන්නට බොරැල්ල ප්‍රදේශයේ දේශපාලඥයෙක්
නාලන්දාව රැකගන්න ආදි සිසු,දෙමාපිය,ගුරුවර ගුරුවරියන් රැසක් පෙරට


කොළඹ නාලන්දා විදුහලේ විදුහල්පති ජේ.එච්.එම් රංජිත් මහතා විසින් එම පාසලේ පාසල් සංවර්ධන සමිතිය තුළ විශාල අක්‍රමිකතා රැසක් සිදුකර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කියයි.

ඒ මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදීය.

ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල මහතා ද එම සමිතියේ නියෝජ්‍ය සභාපතිවරයාව සිටින බවද පවසන ඔහුද මේ අක්‍රමිකතා හමුවේ අසරණව ඇතැයි කියා සිටී.

ස්වාධීන විගණකාධිපතිවරුන්ගේ වාර්තාවන් පවා අදාළ විදුහල්පතිවරයා තැකීමක් නොකොට අත්තනෝමතික ලෙස කටයුතු කරමින් සිටින බවද හේරත් මහතා පාර්ලිමෙන්තුවට හෙළිකර තිබේ.

නාලන්දා කණිෂ්ඨ ආදිශිෂ්‍ය සංගමය එම පාසලට දරුවන් ඇතුළත් කර ගැනීමට විදුහල්පිතිවරයාද දැනුවත්ව දෙමාපියන්ගෙන් මුදල් ගෙන ඇතැයිද ඔහු කියා සිටී.

කෙසේ නමුත් මෙම විදුහල්පතිට එරෙහිව එල්ලවන තවත් චෝදනාවක් වන්නේ මෙම අකටයුතුකම් වලට එරෙහි වූ ගුරුවර ගුරුවරියන් රැසක් පසුගිය රජය සමයේ විවිධ ස්ථානමාරු දීමය එමෙන්ම ඇතැම් ගුරුවර ගුරුවරයින්ටද විවිධ බලපෑම් කිරිමට මොහු බිය නොවූයේ පසුගිය රජයේ ඔහු හා පැවති ගම්පහ දිස්ත්‍රික්කයේ නායකත්වය හෙබවූ රාජපක්ශවරයෙකුගේ ආශිර්වාදය නිසා බව නොරහසකි. ඊට හේතුව නම් රාජපක්ශ වරුන්ගේ උතුරු වසන්තය මෙහෙය වීමේ එක් නිලධාරියෙකු ලෙස මොහු සිටි නිසවෙනි. තවද ගම්පහ බණ්ඩාරනායක විදුහලෙන් සිසු දරුවන් විසින් විදුහල්පති පුටුවෙන් ඔසවා ගෙනගොස් ගේට්ටුව අසලින් තැබුවේ මොහු නිසා එම විදුහල මුහුණ දුන් අකටයුතුකම් නිසාවෙනි.
තවද  Info Sri Lanka News  වෙත වාර්ථා වන්නේ මෙම විදුහල්පති රැකගන්නට ප්‍රදේශයේ එක්තරා දේශපාලන නායකයෙක්ද සම්භන්ද බවයි.පසුගිය රජය සමයේදීද ආදි සිසුවන් රැසක් මෙම දූශිත විදුහල්පතිට එරෙහිව පසුගිය රජයේ අධ්‍යපන අමත්‍යවරුන් දැනුවත් කලද ඉන් කිසි පලක් නොවන්නට හේතුව වූවේ මෙම දේශපාලඥයා බව බොහෝ ආදි සිසුවන් පවසයි. 

තවද මෙම රජයටද එක්ව තනතුරු ලබා ඇති මෙම දේශපාලඥයා නැවතත් මෙම දූශිත විදුහල්පතිට රැකගැනිමේ උත්සහයක යෙදෙන බවට අප වෙත තොරතුරු ලැබී ඇත. මේවන විට බොහෝ විද්‍යයීය ආදි සිසු සංවිධාන රැසක් මෙම දූශිත විදුහල්පති නිසාවෙන් නාලන්දා කිර්තිනාමය රැක ගැනීමේ සටනක නිරතව සිටින අතර ඒ වෙනුවෙන් ආදි සිසු කන්ඩායම් රැසක්ද දෙමාපියන් රැසක් මෙන්ම විදුහලේ ගුරුවර ගුරුවරියන් රැසක්ද මේ වනවිට කටයුතු කරමින් ඇති බව විශ්වාසවන්ත ආරන්චි මාර්ග අප වෙත තොරතුරු සපයයි.



Share on Google Plus