මෛත්‍රීත් මහින්දගේ අඩිපාරේම.


ජනාධිපතිවරයා තම බලය අත්තනොමතික ලෙස යොදවමින් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සඳහා මහජන නියෝජිතයන් නොවන මෛත්‍රී පිලේ සිටින ආසන සංවිධායක වරුන් පත්කිරීමට පටන් ගෙන ඇත. මෙවැනි පත් කිරීමක් ජනාධිපතිවරයාට අත්තනොමතිකව කළ නොහැකි අතර කැබිනට් අනුමැතිය ලබා ගැනීමකින් පමණක් පත් කළ හැකිය. කසේ නමුත් මේ සඳහා කැබිනට් අනුමැතියක් හිමිව නැති බවද වාර්තා වේ.

මෙය හෙළි වූ යේ අද (03) කැස්බෑව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවත්වූ අවස්ථාවේදීය. එයට කැස්බෑව ආසනයේ මෛත්‍රීපිල නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක වරයා වන චන්දන කත්‍රිආරච්චි සම සභාපතවරයා වශයෙන් පත් කර එවා තිබිණ. මෙම කමිටුවේ සභපති වශයෙන් සුසිල් ප්‍රෙමජයන්ත ඇමතිවරයා පත් කර සිටි අතර අළුතින් කරණ ලද පත් කිරීමත් සමග ඔහුද සම සභාපතිවරයෙකුගේ තත්වයට පත්වෙනු ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂමන් නිපුණආරච්චි මහතා මේ පිළිබඳව ප්‍රශ්න කිරීමේදී ප්‍රාදේශීය ලේකම්වරයා පවසා ඇත්තේ ජනාධිපතිවරයා විසින් සමසභාපතිවරයා පත් කිරීම ලිඛිතව දැනුම් දී ඇති බවය. 

එහෙත් මේ පිළිබඳව නිපුණආරච්චි මන්ත්‍රීවරයා දැඩි විරෝධය පළ කළ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මෙම කටිමු රැස්වීමට සහභාගී වූ සිරිනාල්ද මෙල් සහ නිරෝෂන් පාදුක්ක යන මහජන නියෝජතියන් නිහඬව සිටි බව වාර්තා වේ.

Share on Google Plus