මිහින්තලේ මුවා සහ වඩු වැඩේන් දිවි රෑකීම ! (උපුටා ගැනීමකි.)

"මෙම ලිපියේ ඇති රසවත් භාවය නිසා අපි ඔබගේ දැනුවත් වීම සහ රස විදීම පිණිස 'මාතලන් බ්ලොග් අඩවියෙන්' උපුටා පළ කරමු! මෙම ලිපියෙන් කිසියම් දේශපාලන චරිතයක් අපහසුතාවයට ලක් කිරීම අපගේ අරමුණ නොවන බව කරුණාවෙන් සළකන්න!"

ඉෂාර ලක්මිණ

"සිරිසේන ජනාධිපති තුමා යාපනේ ගිහින් ඇවිත්, මහන්සියටත් එක්ක හාන්සි පුටුවේ දිගාවී, උදේ පාන්දරම පත්තර ටික ගත්තේ, පෝය දවස සිරි ලාංකීය බෞද්ධ ජනතාවට මෙන්ම, රහමෙර කටේවත් නොතිබ්බත්, තමන්ටද අනුරාජපුරේ ආපු උන් එක්ක සෙල්ෆි ගන්නයි, දන්සැල් බෙදන්නයි, හාන්දුරුවරුන්ගේ බයිලා අහන්නයි, කප්පරක් වැඩ තියෙන පට්ට බිසි ඩේ එකක් නිසා, සමහර නිව්ස් මිස් වෙන්න පුළුවන් නිසාය. පත්තරේ අස්සේ තියෙන ලංකාදීප පත්තරේ, "සැඳැල්ල" දැක්ක ගමන් නිවන් වලට පොඩ්ඩක් මෙහායින් නැවතුන ජනාධිපති තුමා දඩි බිඩි ගා සිකියුරිටි පොරකට කතා කොට පැවසුවේ, මේන් මේක කාටවත් අහුවෙන්නේ නැති තැනකට වීසී කරලා දානවා ඕයි කියලාය.

ඒ උනාට සෑර්..., චතුරිකා මැඩම් කියවන්නේ ඔය කෑල්ල නේ... කියලා සික්කා කිව්වාම, ජනාධිපති තුමා කිව්වේ, ඒ මැඩම් විතරක් නෙමේ නේ.., ඕක ළොකු මැඩමුත් බලනවනේ හිටං... එයා දැක්කොත් එහෙම, පෝය දවසේ ඔහොම එකක් දාලා කියලා රනිල්ට කිව්වාම, ඒ පාර එයා පත්තර කාරයන්ට ගෙම්බර් දැම්මම හිටං... ඩැමේජ් එක එන්නේ අපි මාධ්‍ය නිදහසවත් හරියට දෙන්නේ නෑ කියලා නේ... ඒ නිසා ඔන්න ඕක එයාලට අහු වෙන්නේ නැති වෙන්න, කොහේ හරි ගහලා දානවා හලෝ කියලාය.


ටික වෙලාවක් ඔහොම රට තොට විස්තර බල බලා ඉන්න අතරේ, කාමරේ පැත්තෙන් සිරිසේන මැතිනිය උස් හඬින් ඇහුවේ.. මේ ඇහුනද හිටං.. කියලාය. ඇහුන ඇහුනෝ... කියපු ජනාධිපති තුමා ආයෙමත් පත්තරේට එබුනාම, ආයෙත් කාමරෙන් ඇසුනේ, බලන්නකෝ අනේ පත්තරේ තියෙන දේ කියලාය. ඒක අහපු ගමන් පුටුවෙන් විසි උන ජනාධිපති තුමා බැලුවේ, කෝ මේ බොඩිගාඩයා කියලාය. මූත් හරියට යහපාලනේ වගේ පිස්සුම නේ කෙලින්නේ, අච්චර කියලත් කොහේ හරි අස්සක ගහලා ගංගන්නේ නැතිව එලියේ තිබ්බනේ යකෝ... කියා තමාටම කියා ගත්තේය.


ජනාධිපති තුමා සිතා ගත්තේ, ඇන්ජෙලා මර්කල්ටත් ෆේස් කල එකේ මෙයාටත් මක්කා හරි කියා ෂේප් කර ගන්නවා කියලාය. ටික වේලාවකින් කාමරේ දොරත් වැහෙනවා එක්කම, මැතිනිය ඇහුවේ, බලන්නකෝ අනේ මේ අර්ජුණ කොච්චර ෂෝක්ද අනේ... කියලාය. හම්මේ ඇති යාන්තන්... කියා සුසුමක් හෙලූ ජනාධිපති තුමා කල්පනා කලේ, අර්ජුණ මහේන්ද්‍රයා වැඩේ ගොඩ දාගන්න, අල්ලන්න තියෙන නියමම නාඩිය අල්ලලා තියෙනවා කියලාය.


මොන ෂෝක්ද අනේ..., පක්ෂ රැස්වීමෙයි, අපේ එකෙක් අහුවෙන හැම තැනකදීමයි, හැම එකාම කියන්නේ, ඔය අර්ජුනයා එලවන්නය කියලා. දැක්කේ නැද්ද ඇස් බීයා පාර්ලිමේන්තුවෙත් රවීට සපෝට් එක දීලා, අන්තීමට කිව්වේ, එපින් බලෙන්වත් මහ බැංකුවේ ලොක්කා ආයේ දාන්න එපාය කියලා. මම හිතන්නේ ඔය මෑන් ඔයාට බොරු කියලා රවට්ටගෙන ඇත්තේ හිටං කියලාය.


මොන මහ බැංකුවක්ද අනේ. මහ බැකුවට මොකක් උනාම අපිට මොකද? මොකෝ අපි ඕකේ සල්ලි දාන්නවත්, ගන්නවත් යනවය. ඔන්න ඉතිරි කිරීමේ බැංකුවේ මොකක් හරි එකක් නම් අර පොඩි උන්ගේ ටිකිරි ගිණුම් ටික තියෙන නිසා, පොඩ්ඩක් හොයලා බැලුවත් කමක් නෑ. අනික ඔයා දාපු කෙනෙක් නෙමෙයි නේ. රනිල්ගේ යාලුවෙක් නේ. ඒක එයා බේර ගනියි. මම කතා කරන්නේ ඒ අර්ජුනයෙක් ගැන නෙමෙයි අනේ කියා මැතිනිය කිව්වම, ජනාධිපති තුමා ඇහුවේ, එහෙනම් මොන අර්ජුනයෙක් ගැනද අනේ ඔයා කියන්නේ හිටං.. කියලාය.


ඒ අර්ජුණ නෙමෙයි අනේ..., අපේ අර්ජුණ අපේ අර්ජුණ... කියා මැතිනිය කිව්වාම ජනාධිපති තුමා කිව්වේ අපිට කොහෙද අනේ අර්ජුණලා ඔයා කියන්නේ අර ක්‍රිකට් අර්ජුණ වෙන්ඩෑ හිටං.. කිව්වාම මැතිනිය කිව්වේ, හ් ආ... එයා තමයි... එයා තමයි.. එයා හරි ෂෝක් අනේ කියාය. එයාගේ මොන ෂෝක් එකක්ද, හාබර් එකට දාපු ගමන් අයියා දාගෙන හෙන ලෙඩක් දාගත්තා. ඊට පස්සේ මොකක්ද ගෑණු හුටපට වගයක් පටලවගෙන, රනිල් සෑර් තමයි ඒකත් සැටල් කරේ, කියපු ජනාධිපති තුමා කිව්වේ ඕන් ආයෙත් ලෙඩක් දාගෙන කියලා පත්තරේ තියෙන්නේ. චන්ද්‍රිකා මැඩම් නිසා මොනවත් කරගන්න බැරිවයි මම මේ ඉන්නේ හිටං කියලාය.



හානේ මොන පත්තරේද ඒක තිබුනේ. මම එහෙම එකක් දැක්කෙ නම් නෑ.. ඒත් මේ පත්තරේ නම් තියෙන්නේ එයා ලී බඩු සාප්පුවක් දාලා ලූ.. දැන් ගොඩක් අය ලී බඩු ගන්නේ එහෙන්ලු.. අනේ අපිටත් ලී බඩු ටිකක්වත් හදා ගමුකෝ අනේ... කියා මනමාල පාට් එකක් දමා ජනාධිපති තුමාගේ උරේට හේත්තු උන ගමන් ජනාධිපති තුමා කල්පනා කලේ ගෑණුන්ටත් තියෙන ලෙඩ කියලා හිටංය.. අපිට මොකටද අනේ තව ලී බඩු... මේ තියෙන්නේ ඕනෑ තරම් හිටං කියා ජනාධිපති තුමා කිව්වම, මේවා ඉතින් යන කොට ගෙනියනවය. අනික මේවා අපේය. ළඟදිම මේවත් එක එකාට පෙන්නන්න පටන් ගනියි. මම කියන්නේ අපි යන කොට අපේ ගෙවල් වලත් මොනවා හරි තියෙන්නේ එපාය අනේ කියලාය. හරි හරි දැන්ම යන්නේ නෑ නේ කියලා ජනාධිපති තුමා කිව්වම, එහෙනම් ඔහේ ළඟදිත් කිව්වේ, මම වැඩ කොරන්නේ ආයෙත් එන්න බලාගෙන නෙමෙයි කියලා... කියා මැතිනිය කිව්වාම, ජනාධිපති තුමා කිව්වේ, හරි හරි ඒත් ඉතින් ඒකටත් තව කල් තියෙනවානේ පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ හාමිනේ කියලාය.


අනේ නිකා ඉන්න මහත්තයා... ඔහේ රටේ උන්ට කියන්නෙත් ඔය කතාව, පක්ෂේ උන්ට කියන්නෙත් ඔය කතාව, එකාබද්දේ උන්ට කියන්නෙත් ඕකමයි, අන්තීමට ගෙදර යනකනුත් ඔච්චරම තමයි කියා මූණ බෙරි කර ගෙන අඬන්න ඔන්න මෙන්න වගේ මායම් වලින් එකක් දාපු මැතිනිය කිව්වේ, මහත්තයා මේක කියනවද, එහෙම නැත්නම් මම චතුරිකාට කියන්නද කියලාය. හනේ අම්මේ... ඔහේ කතා කලත් කමක් නෑ... චතුරිකාට කතා කාන්න දෙන්න එපා.. ඔය පවුලේ එකෙක් ළඟින් ගියොත් ඇහැත් නැතෙයි කියූ ජනාධිපති තුමා කිව්වේ, හරි හරි මම එයාට කියන්නන් හිටං කියලාය..


ජනාධිපති තුමා අනුරාධපුරේ යන ගමන්, අර්ජුණගේ නම්බර් එක ගැහුවාම, එහා පැත්තෙන් කිව්වේ.. ඉයෙස් හිස් එක්සලින්සි... කැන් අයි හැල්ප් යූ.. කියලාය. කලබලේ කෙලලා ඇරලා තියෙන්නේ වැරදි අර්ජුණට කියා තේරුන ජනාධිපති තුමා, නෝ තැන්කිව්.. මම මේ කලබලේ... වැරදි නම්බරයක් ගහලා තියෙන්නේ... කියා, තවත් නම්බරයක් ගැහුවේය.


හෙලෝ සර්..., මම හිතුවා සර් දවසක මට කතා කරයි කියලා..., තිලංගයා බෝඩ් එක කනවා නේද....? කියා අහපු ගමන්, ජනාධිපති තුමා කිව්වේ, අනේ නිශාන්ත මම මේ කළබලේ වෙන රණතුංග කෙනෙකුට ගහලා තියෙන්නේ.., මම වෙන වෙලාවක කතා කරන්නම්..., කියලාය. එහෙම කියලා තව රනතුංග නොම්මරයක් ගත්තාම, එහා පැත්තෙන් කිව්වේ. අනේ සෑර් දැන්ම එන්න බෑ..., මහින්ද මහත්තයා ජපන් එක්කගෙනත් ආව නේ... ඒ නිසා කල්පනා කරලා බලන්නම්.... කියලාය. ෆෝන් එකේ නම්බර් දාපු එකාට පින් අනුමෝදම් කල ජනාධිපති තුමා ළඟ හිටපු එකෙක්ට කිව්වේ, මට අර්ජුණ රණතුංග අරගෙන දෙන්වා හලෝ කියලාය.


හරි සෑර්... රිං වෙනවා... කියා, ජනාධිපති තුමාට ෆෝන් එක දුන්නාම, එහා පැත්තේ රිගිං ටෝන් එකේ ගියේ ජිප්සීස්ලාගේ වඩු වැඩේ...න් දිවි රකී...න, බොහො සැපෙ..න් කල් ගෙව...න, ඇමති යෙක්ය මං. කියලා සින්දුවක්ය. ටික වෙලාවකින් එහා පැත්තෙන් ඇහුනේ, රිගිං ටෝන් එකක්ම වාගේ වොයිස් එකකින්, ඔව් ජනාධිපති තුමා... කියන්න කියලාය. අනේ අර්ජුණ අපේ නෝනටත් ඔය හදන ඒවලින් මොනවා හරි දෙක තුනක් පටවලා අරින්නවකො හිටං... බේරිල්ලක් නෑ අනේ... දන්නේ නැද්ද ඉතින් ගෑණු නේ... කිව්වම, එහා පැත්තෙන් කිව්වේ, අනේ..., ජනාධිපති තුමත් දැන් අපිට නක්කලේ දානවා නේද කියලාය.


ටිකක් හොයලා බැලුවාම මේක වෙන කේස් එකක් කියලා තේරුන ජනාධිපති තුමා පොලොන්නරුවේ ලී බඩු සෝමේට කිව්වේ, අනේ අපේ නෝනට කෝල් එකක් දීලා රණතුංග ෆර්නිචර්ස් එකෙන් කියලා ඉල්ලන බඩු ටිකක් හදලා දෙනවා... මම මාසෙන් මාසේ ගෙවන්නම් කියලාය. ..හරි හරි ඕක මොකක්ද සෑර් කියපු ලී බඩු සෝමේ, මැතිනියට කෝල් එකක් අරගෙන කිව්වේ, හලෝ මැඩම්.. මේ කතා කරන්නේ රණතුංග ෆර්නිචර්ස් වලින් කියලාය."

උපුටා ගැනීම - මාතලන් බ්ලොග් අඩවියෙනි.

Share on Google Plus