මාධ්‍ය නඟුටෙන් බල්ලා නැටවීම.


ඉතාලි මහරාජාගේ කතා වස්තුව...!!!

70වේ දශකය ලෝකය  දරුනු ආර්ථික අර්බුදයකට ලක්වූ කාල පරිච්ඡේදයකි.. එය ආසන්න වශයෙන් දෙවැනි වන්නේ අද පවතින්නාවු ලෝක ආර්ථික අර්බුදයට පමණි ..

එලෙසම  එය ම්ලියන හැටක් පමන ජීවත් වූ ඉතාලියටත්  බලපෑවේය.. එය ඉතාලියට තදින්ම බලපෑවේ  එතෙක්  රට පාලනය කල සංධාන ආන්ඩු රටේ ධනය මංකොල්ල කමින් , එරට පාතාලය වන කුප්‍රකට මාෆියා සංවිධානය පවා රිසි සේ වැජඹීමට සලස්වමින් , පාතාලය රජ කරන අන්ත දූෂිත පාලනයක් ගෙන ගිය නිසාවෙනි.. ජනතාව සිටියේ දැඩි කලකිරීමකින් සහ කෝපයකිනි..ඒ නිසාම ජනතාවට වෙනසක් අවශ්‍ය විය. 

වෙනසක් ..!!! හ්ම්.. ලංකාවටත් හුරුයි වගේ මේ වචනේ..

එසමයේ  ඉතාලි සමාජවාදී පක්ෂයේ නව නායකයෙක් පත්වී තිබින.. දක්ෂ කථිකත්වය , අවංක භාවය, නායකත්වය, නැවුම් බව ඔහුගෙන් පිලිබිඹු විය.. ඔහු බෙතීනෝ ක්‍රැක්සි ( Bettino Craxi ) නම් විය.. රට ආර්ථික සහ සමාජීය අර්බුදයෙන් මුදවා ගැනීමටත් , තමන්ගේ දේශපාලන පැවැත්ම සඳහාත්  සියලු පක්ෂ එක්වී ඔහු පොදු අපේක්ෂකයෙකු ලෙස අගමැති තරඟයට ඉදිරිපත් කලේය. 

පොදු අපේක්ෂකයා...!! හ්ම්.. අපිටත් අහලා පුරුදුයි වගේ. .

ඔහුගෙත් සටන් පාටය Buon Governo .. Good Governance ඔව්.. යහපාලනය.. අහලා පුරුදුයි වගේ.. නේ .!!

ඉතාලියේ අද මෙන් එදත් රාජ්‍ය සහ පුද්ගලික නාලිකා තිබිණි .. එකල එරට නැගීගෙන එන ව්‍යාපාරිකයෙකු විය.. ඔහුගේ නම සිල්වියෝ බෙර්ලුස්කොනි  (Silvio Berlusconi )විය..  Finivest සමූහ ව්‍යාපාරය නමින් හඳුන්වන ඔහුගේ ව්‍යාපාර මුලින් විවිධ දෑ වලට,සම්බන්ධ  වූ අතර ඔහු සතුව දිනෙන් දින ජනප්‍රිය වන රූපවාහිනී නාලිකා දෙකක් ද විය.. කූට,ව්‍යාපාරික ඥානයක් ඇති ඔහු,  ඔහුගේ නාලිකා මැතිවරණය ජයගත හැකි යැයි වැඩි විශ්වාසයක් ඇති  අශ්වයා  වෙත ඔට්ටු තැබීය...

ලංකාවේත්  මෙහෙම කූට ව්‍යපාරිකයෙකු ගැන සිහියට  නැගේ.. හ්ම්.. තව ඉස්සරහට යමුකො..

ක්‍රැක්සි ඉහලින්ම අගමැති විය.. යහපාලනය ජය ගත්තේය.. අවුරුද්දකට සැරයක් වත් බිඳ වැටෙන ‍ආන්ඩු තිබු රටක දෙවන ලෝක යුද්ධයෙන් පසු ස්ථාවරම ආන්ඩුව සහ වැඩිම කාලයක් එනමි 1983 සිට 87 දක්වා ගෙන ගිය පාලනය ඉතාලි ඉතිහාසයේ  ස්වර්ණමය යුගය බිහි විය.. ආර්තිකය ඉහලට .. ජනතාව  අතරට සල්ලී...

ඒ අතරම අර ක්‍රැක්සි වෙනුවෙන් මාද්‍ය මෙහෙයුම කල බෙර්ලුස්කොනි ඒ පිහිටෙන් හිතේ හැටියට ගසා කැවේය.. ඔහු අවසානයේ ක්‍රැක්සිගේ  රිමෝට් කන්ට්‍රෝල් එක විය. රටේ ප්‍රමුඛ ස්ථාන වල සිටිය යුත්තේ කවුද නැද්ද යන්න තීරණය කිරීමට තරම් ඔහු බලවත් විය.. පුවත් පත්, පොත් සඟරා ප්‍රකාශන ආයතන මිලදී ගත්තේය..   ඔහුගේ නාලිකා වල පිනුම් ගහපු දෙතුන් දෙනෙකු විය.. .මැදහත් කරුවෙකු ලෙස පෙනී සිටිමින් සාකච්චා මෙහෙයවූයේ චන්ද .. ඌප්ස්.. ජන්නි ලෙත්තා (Gianni Letta )  විය..
ප්‍රශ්න අහන්නේ සුරංගනී.. Oops.. එමිලීයෝ ෆේඩේ ( Emilio Fede) විය.    ඔවුන්ගේ  මතය රටේ මතය විය... 

  අනේ මන්දා..?  මේක ලියනකොට  ලංකාවමයි මතක් වෙන්නේ. ..

අවසානයේ මේ අති දක්ෂ , ලොව පිලිගත් , රට ඉදිරියට ගෙන ගිය නායකයාට කන කොකා හැඬි දවසක් බිහිවිය  ...

ඒ අනූව දශකයේ මුල භාගයේ ඉතාලියේ නිතීපති වරයෙකු මේ ක්‍රැක්සි ගේ යහපාලනය යටින් දිවෙන දූශනය වංචාව හෙලි කර ගන්නට සමත් විය..ඔහුගේ නම අන්තොනියෝ දී පියෙත්‍රෝ,( Antonio Di Pietro ) විය...එම නීති ක්‍රීයාදාමය හැදින්වූයේ Oparation Clean Hand ලෙසය.  ඔහුට ක්‍රැක්සිව නීතියට හසු කරන්නට උදව් කරේ ක්‍රැක්සි ගේ අතිජාත මිත්‍රයා වූ බෙර්ලුස්කොනි යැයි නොනිල  මතයයි. . අන්තිමට යහපාලන නියමුවාට , අති දක්ෂ සරල පාලකයාට  නීතියේ  රැහැනින් මිදීමට ටියුනිසියාවට පලා යන්නට සිදු විය.ඔහුගේ හෙංචයියන් සියල්ලම පාහේ සිරගත විය. නමුත් සුක්ෂම මොලයක් තිබූ බෙරලුස්කොනි හට චෝදනා ඇතත් එවා ඔප්පු කරගන්නට බැරි විය.. අති සරල නායකයා ක්‍රෑක්සි මෑතකදී ටියුනීසියාවෙිදීම ජීවිතයෙන් සමු ගත්තේය.. 

ලංකාවේත් අනාගතයද මෙසේද? ඉතාලියේ මෑත අතීතය නම් මෙසේය..

දැන් රට අරාජික විය... බෙරලුස්කොනිගේ කලක සිටඑක් රැස් කරගත් සුපිරි ආර්ථික ශක්‍තියත් සමග ( ඒතුලින් එවකට රූඩ් ගුලිට්, බාජ්ජෙයෝ  ,ආදීන් ක්‍රීඩා කල පිට පිට වාර්ථාගත ලෙස යුරොපා කුසලානය දිනු Milan ක්‍රීඩා සමාජය පවා ඔහු සතු විය )  Forza Italia නමින් පක්ෂයක් පිහිටුවා අගමැති තරගයට ඉදිරිපත් විය.. ඉතාලි කාරයන් සිතුවෙි මොහු සල්ලි කාරයෙකු නිසා ධනය හොරා කන එකක් නැතිවෙි යැයි කියාය..ඇත්තටම ජනතාවට වෙනත් පිලිසරනක්ද නොවීය.. මූ සල්ලි කාරයා නිසා අපිටත් " සහන යාත්‍රාවක් " එතැයි සිතීය. .. අවසානයේ බෙරලුස්කොනිගේ සදාකල් සිහිනය සැබෑ විය.. මාධ්‍ය උපරිම භාවිතා කල ඡන්ද ව්‍යාපාරයකින් පසු අති බහුතර ඡන්ද සංඛ්‍යාවකින් ඔහු අගමැති විය.. 

මැක්කෙක් ගිය දුරක් අම්මපා ...!!

අවුරැදු ගනනක්ම රට පාලනය කරත් ඉතාලිය ගොඩ එන තත්වයක් පෙන්නුමි කලේ නැත..එන්න එන්නම ආර්ථීකය කඩා වැටිනි..රට නය කන්දරාවක සිරවිය..ඒ සමගම අප අදත් අතිවිදින ආර්ථික අවපාතය පැමිණියේය..

නමුත් ඹහු ඒවා ගනන් ගත්තේ නැත..ඔහුට තම ව්‍යාපාර ඊට වඩා වැදගත්ය.. වයසක බෙර්ලුස්කොනිගේ  විනෝදාංශයක් තිබිණ .  ඒ  Bunga Bunga නමින් හඳුන්වන සමූහ ලිංගික චර්‍යාවයි.. 

ලංකාවේත් "සමහර" මාද්‍ය ආයතන හිමිකරුවෙක් මේ ගැන ප්‍රසිද්ධිය.. හ්ම් .... බුංගා බුංගා..!!

මුලින් කී  මාද්‍ය ගෝලයෝ දෙන්නා නිකං අතහරින්නට බැරිය . චන්ද.. ඕප්ස් Letta අගමැති ලේකම් විය..

සූරංගණී.. ඕප්ස් Fede  ඔහුගේ මාද්‍ය ආයතන භාරව සිටි අතර ලොක්කට ගෑනූ සපයන පිම්පියා ඔහු විය....

 කාලයක් ගිය පසු මාධ්‍ය පිමිබීම නිසා දේවත්වයෙන් සැලකූ මේ බුන්ගා බුන්ගා පාලකයා ජනතාවටත් බුංගා ක්‍රමයට ඇරිය බව  ජනතාව තේරුම් ගත්තේය.. ඒ වන විට සියල්ල සිදුවී හමාරය..දුෂණය ඉහ වහා ගොස් තිබින. නැති කරනවා යැයි කී පාතාල මාෆියා සංවිධාන රජ කරන්නට විය..  රැකියා විරහිත භාවය 30% ආසන්න විය..ග්‍රීසියට පසු යුරෝපයේ දුර්වලම ආර්ථිකය ( Gov debt is  132.6% of GDP ) ඉතාලිය විය.. 

අවසානයේ බෙරලුස්කොනිගේම සගයන් විසින් විශ්වාස භංගයකින් ඔහුව බලයෙන් පහ කලේය.. නැවතත් කිහිප වතාවක්ම බලයට ආවත් එය කල්පවත්වා ගැනීමට නොහැකි විය.. 

යහපාලන නායකයා වීනාශ කරමින් කූට ලෙස බලය ලබා ගත් මාධ්‍ය හිමිකරැවා 
වෙත නීතිය හඹා ආවද බරපතල චෝදනා වලින් ගැලවීමට සුපුරැදු ලෙස ඔහු දක්ෂ වූ අතර සමහර නඩු තවමත් ඇසෙමින් පවතී....  නමුත් බදු නොගෙවීම සමිභන්ධයෙන් ඔහුට අවුරැද්දකට නීතියෙන් දඬුවම් දී තිබේ. 

අර සුරංගණී .. ඕප්ස්.. Fede  අද තම ලොක්කාට බාල වයස්කාර දැරිවියන් සැපයීම වෙනුවෙන් උසාවියේ පෙනේ සිටී..

අද  ඉතාලියේ පවතින්නේ දැඩි ආර්ථික අර්බුදයක් මෙන්ම දේශපාලන අස්ථාවර භාවයකි.. ඉතාලියෙන් එදා බිහිවූ  සරල යහපාලන නායකයා මෙ කූට මාධ්‍ය හිමිකරැවාගේ ඈකයට නොවැටී තිබී නමි ඉතාලිය ආර්ථිකය අතින් එදා ජර්මනියත් පසු කල හමාර වෙන්නට තිබින..

මෙවා අපටත් හොද පාඩම්ය ...

-සිංඥෝරේ විසිනි.

Share on Google Plus