මාවන් අතපත්තුගේ ලොකු අම්මාව මරා දමයි.


ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක මාවන් අතපත්තු මහතාගේ ලොකු අම්මා වන  සෝමා අතපත්තු(77)මහත්මියව ඝාතනය කර තිබෙනවා. 

ඇයව නිවසේ දී ඝාතනය කර ඇති බවයි  වාර්තා වන්නේ. 

මෙම කාන්තාව තනිවම වැලිගම මූදුගමුව චාලිගිරිවත්තේ බංගලාවේ ජීවත්ව සිටි බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ. 

ඇගේ  සැමියා  මිය ගොස් ඇති අතර දරුවන් ද නොමැති බවයි පැවසෙන්නේ. 

දේහය පිළිබඳව අවසන් කටයුතු අද(08) සිදු වනවා.


Share on Google Plus