ලංකා කිවුලේගෙදර අත්අඩංගුවට.


දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගී රථයක් පදවාගෙන ගිය ටච්වුඩ් රුක් රෝපණ සමාගමේ ප්‍රධානී ලංකා කිව්ලේගෙදර මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු පැදවූ රථයද පොලිසිය භාරයට ගෙන ඇති අතර එය ඇතුලත තිබී තවත් ව්‍යාජ අංක තහඩු 3ක් සොයා ගෙන ඇත.

මෙම රථය අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිසියට සඳහන් කර ඇත්තේ එය අගමැතිවරයාගේ පසු ගමන් රථයක් බවයි.

ව්‍යාජ අංක තහඩු දේශපාලන අවශ්‍යතා සඳහා භාවිතා කරන බවද ඔවුන් සඳහන් කර තිබේ.

සැකකරු බේරා ගැනීමට අගමැති කාර්යාලයේ ප්‍රධාන තැනැත්තියක් පොලිසියට බලපෑම් කර ඇති බවද පැවසේ.

-SLM

Share on Google Plus