ලංකාපුත්‍ර බැංකුවේ කම්බා හොරෙක්.


ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව 2006 වසරේදී ආරම්භ කරනු ලැබුවේ මේ රටේ ග්‍රාමීයව ජීවත් වන අසරණ අහිංසක ජනතාවගේ ජීවන තත්වය නංවාලීමේ අරමුණින් ඔවුන්ට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරම්භ කොට පවත්වාගෙන යාමට අවශ්‍ය මූල්‍ය දායකත්වය සාධාරණ පොලියක් මත ඉක්මනින් සහ පහසුවෙන් ලබාදීමේ අරමුණ ඇතිවය.

ඒ අනුව ආරම්භ වූ බැංකුව ටික කලකින්ම දේශපාලන හස්තයට හසුවනු දක්නට ලැබිණි. මිහින් ලංකා වැනි පාඩු ලබන ආයතන වලට මහා භාණ්ඩාගාරයේ මුදල් ලබා දීමටත්, පාඩු ලබන කර්මාන්ත නාග සිටුවීමට යයි පවසමින් දේශපාලන හෙන්චයියලාට හිතුමතේ රජයේ මුදල් ලබා දීමටත් මෙම බැංකුව උපයෝගී කොටගෙන තිබුණි. ඊට හොදම උදාහරණය නම් පාඩු ලබන ඇගලුම් කර්මාන්තයක් සේ පවසා මහා භාණ්ඩාගාරයේ හිටපු ලේකම් පී.බී. ජයසුන්දරගේ සෘජු මැදිහත්වීම මත ට්‍රයිස්ටාර් ඇපරල් ආයතනයට ලබාදී තිබූ රුපියල් ලක්ෂ 5800 ක ණය මුදලයි. මෙම මුදල කිසිදු පොලියක් අයකර නොගැනීමේ පදනම මත ලබා දී තිබුණි. විශේෂම කරුණ නම් වර්තමාන රජය බලයට පත් වන තුරු මෙම මුදල අයකර ගැනීමට කිසිදු පියවරක් අරගෙන නොතිබීමයි.

පසුගිය රජය සමයේ බලවත් සේ කතාබහට ලක් වූයේ විවිධ දේශපාලන පක්ෂ වලින් පාලක පක්ෂයට එකතු වන පිරිස් වෙත ඇති විශාල මුදල් සම්භාරයක් ලබා දෙන බවයි. තිස්ස අත්තනායක එක්සත් ජාතික පක්ෂය හැර ගියේ ඔහුට ලබා දුන් කොටි ගණනක මුදලක් නිසා බව එදා කතා බහට ලක් විය. මෙලෙස විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට එකතු වන පුද්ගලයන් වෙත මූල්‍ය වරදාන වරප්‍රසාද ලබාදීමට මෙම බැංකුව උපයෝගී කර ගත්තාද යන බලවත් සැකය මතුවන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සිට එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිනියක වන 2006 වසරේදී එක්සත් ජාතික පක්ෂය හැර දමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වූ ආරියවතී ගලප්පත්ති මහත්මියට මෙම බැංකුව හරහා කිසිදු පිළිගත් ක්‍රමවේදයකින් තොරව රුපියල් ලක්ෂ 750ක මුදලක් ලබාදීම අනාවරණ වීමත් සමගය.

මෙයට අමතරව සොයා බැලිය යුතු වැදගත්ම කරුණ වන්නේ මෙම බැංකුවට සිදු කල දේශපාලන පත්වීම්ය. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ සහෝදරිය මෙම බැංකුවේ සභාපති තනතුරට රාජපක්ෂ රජය විසින් පත් කල අතර ඊට සමගාමීව ජනාධිපති කාර්යාලය විසින් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති වශයෙන් සිටියදී කෝටි ගණන් මහජන දේපල සොරකම් කල බවට චෝදනා එල්ල වී ඇති කුප්‍රකට චෞර අමරසේකරගේ පුත් බැංකු ක්ෂේත්‍රයේ කිසිදු පළපුරුද්දක් නොමැති ලසන්ත අමරසේකර මෙම බැංකුවේ සාමාන්‍යාධිකාරිවරයා වශයෙනුත් ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ලේකම්වරයෙකු සහ ජනාධිපති කාර්යාලයේ ජනාධිපතිගේ සහකාර ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කල නීතිය පිළිබද පළපුරුද්දක් නොමැති කිසිමදාක උසාවියකට ගොස් නොමැති රාජිත පන්ඩිතසේකර ප්‍රධාන නීති නිලධාරියා වශයෙනුත් පත් කිරීම මගින් සොරකම් සදහා දොරටු විවර කරන ලදී. සොරකමට පාර කැපුවේ එලෙසිනි.

ඒ අනුව ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත්, ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ ඇතුළු දේශපාලන අධිකාරිය විසින් සිය හිතවතුන්ට අවශ්‍ය අරමුදල් ලබා දීමට මෙම බැංකුවට යොමු කල අතර නිලධාරීන් කූට ලේඛන සකස් කරමින් පන්සල් වල ඔප්පු, තිරුවාන ගල්, රජයේ මුදල් වැනි දෑ ඇපයට තබා ගනිමින් කොටි ගණන් ණය මුදල් වශයෙන් ලබාදී ඇත.

ඒ අනුව පෙනී යන්නේ ජනාධිපති කාර්යාලය විසින් පත් කල මෙම නිලධාරීන් කිසිදු හිරකිතකින් නොමැතිව මහජන මුදල් කොටි ගණන් දේශපාලන කටයුතු සදහා උපයෝගී කරගෙන ඇති බවකි. සුප්‍රකට අරලියගහ මැදුරේ දන්සල් පැවැත්වීමට යොදාගත්තේද මෙම බැංකුවේ මගින් එක්තරා ව්යාපරියකෙගේ නමට නිදහස් කල ලක්ෂ 3300ක මුදලක් බව අනාවරණ වී ඇත.

මෙහි උච්චතම අවස්ථාව වී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයයි. මහා මැතිවරණ සමයේදී කිසිදු පිළිගත් ක්‍රමවේදයකින් තොරව ලක්ෂ 6700ක මුදලක් එක් පුද්ගලයෙකුට ලබාදී ඇත. මෙයට අමතරව මෙම සමාන්‍යාධිකරීවරයා සහ ප්‍රධාන නීති නලධාරියා එක්ව කොළඹ ශාඛාවේ හිටපු කළමණාකාරිවරයාද සමග (ඔහුද වංචා සම්බන්ධයෙන් වරදකරුවෙකු ලෙස වෙනත් බැංකුවක් විසින් සේවයෙන් පහකළ පුද්ගලයෙකි) ජනාධිපතිවරණ දිනයේදී ද රුපියල් ලක්ෂ 670ක මුදලක් කෝට්ටේ ප්‍රදේශයේ මුද්‍රණාලයකට ලබා දීමයි. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2014 දෙසැම්බර් 15 සහ දෙසැම්බර් 19 දිනයන්හිදී ප්‍රතික්ෂේප කල මෙම ණය මුදල හදිසියේම දෙසැම්බර් 23 වන දින රැස්වූ සාමාන්‍යාධිකාරීවරයා සහ නීති නිලධාරීවරයා ඇතුළු කණ්ඩායම විසින් අනුමත කල බවට සටහන් තබා ජනවාරි 08 වන දින නිරීක්ෂණ චාරිකාව ගිය බවටද සටහන් තබා එදිනම චෙක් පතද ලබා දීම පුදුමයට කාරණයකි.

වර්තමාන රජය බලයට පත්වීමත් සමග නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්වූ අතර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බාහිර විගණන ආයතනයක් ලවා සම්පූර්ණ විගණනයක් කරවන ලදී. රාජපක්ෂ රෙජීමය විසින් පත් කල මෙම දුෂිත නිලධාරීන්ගේ සොරකම් වංචා රැසක් එහිදී අනාවරණය වූ අතර එහිදී රුපියල් ලක්ෂ 17,000 කට ආසන්න සිද්ධීන් 13ක් පිලිබදව මුල්‍ය වංචා විමර්ශන ඒකකයට පැමිණිලි කරන ලදී. සාමාන්‍යාධිකාරී අමරසේකර පිලිබදව දුෂණ වංචා විමර්ශන කොමිසමද පරීක්ෂණ ආරම්භකොට ඇත. මෙවන් වැටුපකින් කොළඹ 07 මාලිගා වැනි නිවාස 03ක් ඇතුළු දේපල සාමාන්‍යාධිකාරිවරයා අත්පත් කර ගන්නේ කෙසේද යන්න පිලිබදව පරීක්ෂණ කල යුතුය. මෙවන් සිද්ධි සම්බන්ධයෙන් වර්තමාන පාලන අධිකාරිය විසින් දුෂණ වංචා අවම කිරීමට පියවර රැසක්ද ගන්නා ලදී.

සොරුන්ට දඩුවම් දීමට පමා වීම අද පවතින විශාලම ගැටලුවයි. මින් ප්‍රයෝජන ගත් රාජපක්ෂ දුෂිතයෝ තමන් විසින් අයථා ලෙස උපයාගත් මුදල් විසි කරමින් වර්තමාන සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය බලවත් අපහසුතාවයකට පත් කිරීමට දැන් කටයුතු කරමින් සිටී. සභාපතිවරයාට මරණීය තර්ජන ද එල්ල කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සභාපතිවරයා විසින් බොරලැස්ගමුව පොලිසීයේ පැමිණිලිකොට ඇති බැව් දන ගැනීමට ඇත. තමන් 35% දක්වා අඩුකිරීමෙන් ණය නොගෙවූ දුෂිතයන් නීතිය හමුවට ගෙන යෑමත් නිසා දුෂිතයින් උරණ වී ඇත.

බොරු චෝදනා මවා පාමින් බලපෑම් එල්ල කරමින් සභාපතිවරයා අකර්මන්‍ය කිරීමට කටයුතු කල මෙම දුෂිත නිලධාරීන්ගේ වර්තමාන සැලැස්ම වී ඇත්තේ මෙම සොරකම් අනාවරණය කිරීමට මුඋලිකත්වය ගත ජාතික සේවක සංගමයේ ක්‍රියාකාරිත්වය අකර්මන්‍ය කිරීමයි. සාමාන්‍යාධිකාරීවරයාගේ සුරතලිය කිසිදු සුදුසුකමක් නොමැතිව ඔඩොක්කුවේ නලවීමටත්, උම්මා දීමටත් සාමාන්‍යාධිකාරීවරයා විසින් බදවා ගත් මැය සෑම විටම සාමාන්‍යාධිකාරීවරයාගේ කාමරයේම කාලය ගත කරයි. සාමාන්‍යාධිකාරීවරයාද බැංකුවේ එදිනෙද කටයුතු පසෙකලා මානව සම්පත අංශයේම කටයුතු බදාගෙන සිටී. වසර ගණනක් ලාභ ලැබූ වෙන්නප්පුව ශාඛාවේ නිලධාරීන් අධ්‍යක්ෂ මණ්ඩලය නොමග යවා ගෙදර යැවීමට උත්සහ කිරීම සභාපතිවරයා වැලක්වූ බැවින් දැන් එම සේවකයින් අරබයා බොරු පැමිණිලි ඉදිරිපත් කරමින් සිටී.

මෙම දුශිතයින්ගේ බලාපොරොත්තුව බැංකුවේ කටයුතු කඩාකප්පල් කරමින් සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය නොමග යවමින් එදා තමන්ට සොරකම් කිරීමට අනුබල දුන් රාජ්‍ය නිලධාරී යන්ත්රනයෙන්ද රැකවරණය ලබා ගනිමින් නීතියේ රැහැනින් ගැලවීමටයි. බැංකුවට බාධා කිරීමට හෝ වසා දැමීමට මෙම හොරු බලවත් උත්සාහයක නිරත වෙමින් සිටී.

මෙවන් වාතාවරණයක් තුල මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය දිරිමත් කරමින් වංචාකාරයින් නීතියේ රැහැනට හසු කිරීමට දක්වන උනන්දුව පැසසිය යුතුය. මහ බැංකු අධිපතිවරයාද මේ පිලිබදව සිය පුඋර්ණ අවධානය යොමුකොට මෙම හොරු රැල නීතියේ රැහැනට හසුකර ගැනීමට සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලයට උපරිම සහයෝගය ලබා දිය යුතුය.    


Share on Google Plus