සුමංගල හිමිටත් ළඟදීම ‘අලි’ විලංගු.


නීති විරෝධී ලෙස අලි ළඟ තබාගැනීමේ චෝදනාවට අදාළ සාක්ෂි තහවුරු කරගත් වහාම කොළොන්නාවේ සුමංගල හිමි අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

‘අලි රොෂාන්’ නමැත්තකු සම්බෝධි විහාරයට අලියකු විකිණීමේ ගනුදෙනුවක මැදිහත්කරුවකු ලෙස කොළොන්නාවේ සුමංගල හිමියන් සම්බන්ධ වී ඇති බව ද ඊට අමතරව එහිමියන් සම්බන්ධ වූ තවත් ‘අලි ගනුදෙනු’ කිහිපයක් පිළිබඳව විමර්ශන නිලධාරීන් වෙත තොරතුරු ලැබෙමින් පවතින බව ද වාර්තා වෙයි.

දැනට, උඩුවේ ධම්මාලෝක හිමියන් නීති විරෝධීව අලි ළඟ තබා ගැනීමේ නඩුවක ඇප මත වැඩ සිටින අතර නුදුරේ දී එම පරීක්ෂණ ද කඩිනම් කිරීමට විමර්ශන කණ්ඩායම් සැලසුම් සකස් කර ඇත. මේ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ නීති විරෝධී ලෙස ළඟ තබාගත් අලි පැටවුන් දෙදෙනකු සහ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂකයකු වූ ‘මේජර් නෙවිල්’ නමැත්තා සතුව සිටි අලි පැටවකු පිළිබඳව ද පරීක්ෂණ ආරම්භ වීමට නියමිතය. මෙම සියලූ‍ ‘අලි විමර්ශන’ යට ගසන්නැයි යහපාලන ආණ්ඩුවේ ‘ඉහළම’ තැන්වලින් බලපෑම් එල්ල වෙමින් පවතින බව වගකීමෙන් යුතුව වාර්තා කර සිටියි.

තුෂාර මොරායස්
SathHanda

Share on Google Plus