ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුව සමග ඒකාබද්ධලු.


ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රටේ සැබෑ ප්‍රශ්න අමතක කරමින් ආණ්ඩුව සමග සුහදව සිටින බවට ජාතික සංවිධාන එකමුතුවේ නායකයෝ චෝදනා කළහ.ඔවුන් එලෙස චෝදනා කළේ අද (14දා) කොළඹ ජාතික පුස්තකාල හා ප්‍ර‘ලේඛන සේවා මණ්ඩලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙම මාධ්‍ය හමුවට ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර, දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම්, වෛද්‍ය වසන්ත බණ්ඩාර, නීතිඥ කල්‍යානන්ද තිරාණගම යන අයද සහභාගීවී සිටියහ.

ගුණදාස අමරසේකර මහතා මෙහිදී සඳහන් කළේ, වැට් බදු වැඩිවීම, මහ බැංකු අධිපතිවරයා ඉවත් කිරීම, මුදල් ඇමතිවරයාට එරෙහි විශ්වාසභංගය ආදි කාරණාවල ඒකාබද්ධ විපක්ෂය එල්ලී සිටින බවයි.එහෙත් රට බෙදා වෙන්කිරීම සඳහා බටහිර රටවල් සහ ජාත්‍යන්තර දෙමළ සංවිධාන ගෙනයන වැඩපිළිවෙළට ආණ්ඩුව සහාය ලබාදීමට එරෙහිව ඔවුන් කටයුතු නොකරන බවද අමරසේකර මහතා කීය.

පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පත් කිරීමට අදාළ යෝජනාවට පක්ෂ වීමට ඒකාබද්ධ විපක්ෂය ගත් තීරණයට වැරදි එකක් බවද ඔහු එහිදි පෙන්වා දුන්නේය.බෙංගමුවේ නාලක හිමියන් මෙහිදී අවධාරණය කළේ, ඒකාබද්ධ විපක්ෂයට වඩා ඉදිරියෙන් ජනතාව සිටින බවත්,ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් එය අවබෝධ කරගත යුතු බවත්ය.

Share on Google Plus