Ads Top

Ray Ad

ගෝඨා හිර කරන 'නැකත' පරක්කුයි.


ඇවන්ට් ගාඩ් සමුද්‍රාරක්ෂක සමාගම සහ රක්නා ලංකා ආරක්ෂක සමාගම අතර ගිවිසුම අනුමත කිරීමෙන් රජයට ලැබිය යුතු ආදායමක් අහිමි කිරීම පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලැබී ඇති පැමිණිල්ලක් මත ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇතත් ජ්‍යෝටිශයට අනුව 'සුබ නැකතක්' නොලැබීම හේතුවෙන් එම කටයුතු තව දුරටත් පමා කෙරෙන බව එම කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කොමිසමේ විමර්ශන වලට අදාල ලිපි ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යවා අධිචෝදනා පත්‍ර සකස් කරමින් ඇතත් එම අධිචෝදනා පත්‍ර අධිකරණයට භාර දීම සඳහා සුබ නැකතක් සෙවීමට වුවමනා වී ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන්න දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට බවත් වාර්තා වන අතර ඊට හේතු වී ඇත්තේ මීට පෙර රාජපක්ෂ සමයේ දූෂිතයින් පිළිබඳව කෙරුණු විමර්ශන වලට අදාල නීතිමය කටයුතු අසාර්ථක වීමය.

රක්නා ලංකා සමාගමේ අක්‍රමිකතාවන් පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ කොට්ටාශය සහ බරපතල මූල්‍ය වංචා විමර්ශන ජනාධිපති කොමිසම යන ආයතන විසින් ද පරීක්ෂණ පැවත්වෙන අතර මෙම විමර්ශන නිසි පරිදි ක්‍රියාත්මක කර සාක්ෂි නිසි පරිදි සකස් කිරීමෙන් මිස නැකැත් බල බලා හිඳීමෙන් නීතිමය ක්‍රියාදාමයකට ලැබෙනා සහයෝගයක් නැත. එසේම දූෂණ විරෝධී සංදර්ශන මිස දූෂිතයින්ට එරෙහිව නිසි පරිදි රටේ නීතිය ක්‍රියාත්මක නොවන බවට ජනතාවගෙන් ද චෝදනා එල්ල වෙමින් ඇත.


Powered by Blogger.