දුෂිත දේශපාලකයන් අත්අඩංගුවට ගන්න- මීගමුව එජාප නායකයෝ කියති.


මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේට එල්ල කරන ලද මැර ප්‍රහාරය සැලසුම් කළ මීගමුවේ දූෂිත දේශපාලකයන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් අද මීගමුව නගරය තුල  අත්සන් ව්‍යාපාරයක්  සහ අත්පත්‍රිකා බෙදිමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය.

මේ සදහා විවිධ තරාතිරම් වල ජනයා එක්ව සිටිනු දක්නා ලදි.

විශේෂයෙන්ම මෙම මෙම අත්සන් ව්‍යාපාරයට මීගමුව එජාප ආසන සංවිධායක සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත ප්‍රනාන්දු ප්‍රමුඛ නාගරික මන්ත්‍රින් වන සංගීත් ප්‍රනාන්දු වෛද්‍ය හෙන්රි රොසයිරෝ සහ ගිහාන් ප්‍රනාන්දුද එක්ව සිටිනු දක්නා ලදි.

මෙම පහරදිමට විරෝධය පළකරමින් කුරුණෑගලින් ඇරඹි මෙම අත්සන් ව්‍යාපාරය දැනට මඩකලපුව,මාතර ,නුවර ,කොළඹ යන නගර වලදිදි සංවිධානය කර ඇති අතර ලබන සතියේ තවත් නගර කිපයකම සංවිධානය විමට නියමිතව තිබේ.

මීගමුව නගර කේන්ද්‍රකොට ගනමින් මෙම අත්සන් එක්රැස්කිරිමේ ව්‍යාපාරය මීගමුව මාධ්‍යවේදිනගේ එකමුතුව විසින් සංවිධානය කර තිබුණි.







Powered by Blogger.