ෆ්‍රෙඩී ගමගේට එල්ල කළ ප්‍රහාරයට එරෙහිව විරෝධතාවයක්.


මීපුර වෙබ් අඩවියේ සංස්කාරක, මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ මහතාට එල්ල කළ මැර ප්‍රහාරයට වගකිවයුතු පුද්ගලයන් අත්අඩගුවට ගන්නැයි රජයට බලකරමින් ඊයේ (20) කොළඹදී විරෝධතාවයක් පැවැත්විණි. මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ මෙම උදේඝෝෂණයට මාධ්‍යවේදීන් මෙන්ම දේශපාලනඥයන් හා සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

එම පහරදීමට විරෝධය පළකරමින් බැනරයක් අත්සන් කිරීම ද සිදුවිය.

මේ අවස්ථාවට සම්බන්ධ වූ මාධ්‍යවේදීන් මෙන්ම සිවිල් ක්‍රියාකාරිකයන්ද අවධාරණය කළේ මෙම පහරදීම පිටුපස සිටින මීගමුව නගරාධිපතිවරයා තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි. ඔවුන් ප්‍රශ්න කරන්නේ යහපාලන රජය යටතේ මීගමුවේ තවමත් පවතින්නේ පැරණි පාලනයද යන්නයි.


Share on Google Plus