මහින්දට, සුසිල්ට, අනුර යාපාට, ගාමිණීට නඩු.


ලංගමය පවසනුයේ ගිය වසරේ පැවැති ජනපතිවරණය සඳහා වූ රැස්වීම් වෙනුවෙන් ලබාගත් බස් රථ සඳහා මෙතෙක් මුදල් නොගෙවීමේ චෝදනාව මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, වතමන් අමාත්‍යවරුන්වන සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන්ට හා හිටපු ‍ජනපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාව සිටි ගාමිණී සෙනරත් මහතාට එරෙහිව ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ගොනු කර ඇති නඩුවේ චෝදනා යළි සංශෝධනය කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය විසින් අද (24) අවසර ලබා දී තිබේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු චූදිතයන් 2015 ජනපතිවරණ සමයේ ලංගම බස් පාවිච්චි කිරීමෙන් නොගෙවා පැහැර හළ බව කියන රුපියල් ලක්ෂ 1420ක් අයකර ගැනීම සඳහා මෙම නඩුව ගොණු කර ඇත. 

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා හමුවේ මෙම නඩුව විභාග වේ.

Share on Google Plus