රනිල්-රාජිත ගැටුම තවත් ඇවිලේ.. රාජිතට එරෙහි සාක්‍ෂි FCID කැඳවයි..


හිටපු එජාප ඇමතිවරයකු හා කතානායකවරයෙකු වූ ජෝෂප් මයිකල් පෙරේරා මහතාගේ පුත‍්‍රයා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කැඳවා තිබේ.

ඇමති රාජිත සේනාරත්න සම්බන්ධයෙන් සිදු කරමින් ඇති පරීක්‍ෂණයක් සම්බන්ධයෙන් කට උත්තර ලබා ගැනීම සඳහායි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ඇමති රාජිත සේනාරත්න මහතා අතර ඇතිවී තිබෙන දේශපාලන ගැටුමක් හේතුවෙන් සති අන්ත ඉංග‍්‍රිසි පුවත්පතක සේනාරත්න මහතා සම්බන්ධ වංචා දුෂණ චෝදනා පිටු ගණන පලවෙමින් ඇති අතර මේ පියවර එහිම දිගුවක් යයිද දේශපාලන ආරංචි මාර්ග කියයි.

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ඒකාබද්ද විපක්‍ෂයේ සිටින චෝදනා ලද්දවුන් අත්අඩංගුවට නොගන්නේ යයි ඇමති සේනාරත්න විසින් පසුගියදා මාධ්‍ය හමුවකදී කරන ලද ප‍්‍රකාශයකින් පසු එම පොලිස් කොට්ඨාශයේ ඉහල නිලධාරියෙක් ඇමති සම්බන්ධයෙන් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා ලිපිගොනු තොගයක් සමඟ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මුණ ගැසීමෙන් පසු මෙම කැඳවීම් ලැබී ඇතැයිද එම ආරංචි මා තව දුරටත් කියා සිටී.

-LankaC

Share on Google Plus