ප්‍රසිද්ධ චරිත තුනක් මත්පෙති සමග මාට්ටු.


කොළඹ නගරයේ සමාජ ශාලා ආශි‍්‍රතව සිදු කෙරෙන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කළ වැටලීමකදීයි. 

ඔවුන් සතුව තිබී එස්ට‍්‍රසි වර්ගයේ මත්පෙති 49 ක් සහ එල් එස් ඞී මත්ද්‍රව්‍ය අඩංගු මුද්දර 200 ක් සොයා ගැණුනා. 

අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් අතර ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන රෙදිපිළි නිෂ්පාදන ආයතනයක කළමණාකරුවෙකුද වනවා. 

එමෙන්ම කලක් කොළඹ නගරයේ රාත්‍රී සමාජ ශාලා ආශි‍්‍රතව කටයුතු කළ දැනට පරාජය වී සිටින දේශපාලනඥයෙකු සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයෙකුද ඒ අතර වන බවයි පොලීසිය පවසන්නේ. 

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු කොළඹ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූ අයෙක්. 

සැකකරුවන්ගෙන් මත්ද්‍රව්‍ය මිළදී ගැනීමට පැමිණි බවට සැක කෙරෙන සමාජ ශාලා නළගනන් දෙදෙනෙකු සහ ප‍්‍රසිද්ධ පාසලක පැසිපන්දු පුුහුණුකරුවෙකු ඇතුළු 6 දෙනෙකුද ප‍්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එස්ට‍්‍රසි වර්ගයේ මත් පෙත්තක් අළෙවි කෙරෙන්නේ රුපියල් තුන්දහස් පන්සියයකටයි. 

එල් එස් ඞී මුද්දරයක් රුපියල් දෙදහස් පන්සියයකට අළෙවි කෙරෙනවා. 

ඒ අනුව පොලිස් භාරයට ගැණුනු මත්ද්‍රව්‍ය තොගයේ මුළු වටිනාකම රුපියල් ලක්‍ෂ 6 කට ආසන්නයි. අත්අඩංගුවට ගැණුනු සැකකරුවන්ගෙන් තවදුරටත් ප‍්‍රශ්න කිරීම් සිදු කෙරෙනවා.


Share on Google Plus