ලංකාපුත්‍ර අමරසේකරගේ මිලියන හැට හතේ හොරකම!


2015 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග ක්‍රියාත්මක වූ 'ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ' හොරකමට උපන් අමරසේකර ජනාධිපති කාර්යාලයෙන් ලැබුණ උපදෙස් යැයි පවසමින් රුපියල් ලක්ෂ හයසිය හැත්තෑවක් බත්තරමුල්ල ප්‍රදේශයේ සිය ගජ මිතුරන්ට ලබා දුන්නේ කෙසේද සොයා බැලීමට දැන් පරීක්ෂණ අරඹා ඇත.

මෙයට අමතරව මැතිවරණය යෙදී තිබූ ජනවාරි 8 වනදා කෝට්ටේ මහා නගර සභාවේ මන්ත්‍රීවරයෙකුට රුපියල් ලක්ෂ හැත්තෑ පහක් ලබා දීම පිළිබදවද දැන් පරීක්ෂණ පැවැත්වේ.

මෙම පරීක්ෂණය කඩිනම් කරන ලෙස උද්ඝෝෂණය කළ 'ජාතික සේවක සංගමයේ' නිලධාරින්ගෙන් පළිගැනීමටත්, හොරු ඇල්ලීමට ක්‍රියාකරන සභාපතිවරයාට සහ නීති උපදේශක වරයාටත් අමරසේකර විසින් අභූත චෝදනා නගමින් ඔවුන් අකර්මන්‍ය කිරීමට කටයුතු කිරීමද විහිළුවකි.

වර්තමාන සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 'ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව' භාරගන්නා විට එහි නොගෙවූ ණය ප්‍රතිශතය 48%ක් විය.

දේශපාලන හිතවතුන්ට ලබා දුන් මිලියන 1,700ක් අය කර ගැනීමට නොහැකිව තිබුණි.නමුත්,වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය පත්ව නීති උපදේශක ලෙස නීතිවේදී ගාමිණී පිටිපන මහතාව බදවාගෙන නීති කටයුතු කඩිනම් කිරීම තුළින් මෙම නොගෙවූ ණය ප්‍රතිශතය 35% දක්වා අඩුකර ගැනීමට හැකිවිය.

මේ නිසා වර්තමාන යහපාලන ආණ්ඩුව මගින් 'ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව' ගොඩ ගනී යැයි බියෙන් කළබලයට පත් වූ රාජපක්ෂවාදී හොරුන් වහාම ක්‍රියාත්මක වුන බවට ආරංචි ලැබේ.හොරකම් කරන ලද මුදල් යොදා ගනිමින් වර්තමාන සභාපතිවරයාටත්,නීති උපදේශකවරයාටත් මඩ ගසමින් ,අවලාද, අභූත චෝදනා නගමින් කුමන්ත්‍රණය කිරීමට ආරම්භ කළ බව වාර්තා වේ.

ජාතික සේවක සංගමයේ උත්සාහයෙන් මෙම කුමන්ත්‍රණ පරාජයට පත් කළ නිසා හොරකමට උපන් සාමාන්‍යාධිකාරී අමරසේකර ජාතික සේවක සංගමයේ සාමාජිකයින්ගෙන් රිසි සේ තම බලතල භාවිතා කරමින් පළිගන්නා බව සාක්ෂි ඇතුව තොරතුරු අප වෙත වාර්තා විය.

අතිගරු ජනාධිපතිතුමනි,ගරු අග්‍රාමාත්‍යතුමනි, 2015 ජනවාරි 8 සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව ප්‍රාර්ථනා කළේ මේ ආකාරයේ යහපාලනයක්ද!!!


Share on Google Plus