‘deedat Ride with Style' 5 වැනි වරටත් පාරිභෝගිකයන් ජයග‍්‍රාහකයන් බවට පත් කරයි.


රට පුරා විසිරී සිටින තාරුණ්‍යයේ ආකර්ෂණීය පාරිභෝගිකයන් වෙනුවෙන් පවත්වනු ලැබූ අති සාර්ථක ‘deedat Ride with Style' 5 වන ප‍්‍රවර්ධන වැඩසටහනෙහි, බොහෝ දෙනා උනන්දුවෙන්, දැස් දල්වාගෙන සිටි අවසන් දිනුම් ඇදීමෙහි වාසනාවන්ත ජයග‍්‍රාහකයන් පසුගියදා හඳුන්වාදෙන ලදී. NOLIMITහි  ප‍්‍රමුඛතම තාරුණ්‍යයේ විලාසිතා සන්නාමය ‘deedat,’ පාරිභෝගික විවිධත්වය වෙනුවෙන් ‘deedat’ Original, ‘deedat’ Fusion, ‘deedat’ Active wear සහ deedat’ Design යනාදී උප සන්නාම රැසකින් සිය නිෂ්පාදන පෙළ ප‍්‍රසාරණය කොට ඇත. පසුගිය පෙබරවාරි 10 වැනිදා සිට මාර්තු 20 වැනිදා දක්වා දිවයින පුරා පිහිටි  ඕනෑම Glitz හෝ NOLIMIT ශාඛාවකින් රුපියල් 3000ට වැඩි ‘deedat’ නිෂ්පාදන මිලදී ගත් පාරිභෝගිකයන් 5 දෙනෙකුහට ‘deedat Ride with Style’  හි Yamaha FZ 16 2'0 යතුරු පැදි 5ක් ‘deedat’ ජැකට් හා හෙල්මට් සම`ග දිනා ගැනීමට අවකාශ උදා විය. 

අවසන් දිනුම් ඇදීම තූලින් තෝරා ගනු ලැබූ වාසනාවන්ත ජයග‍්‍රාහකයන් හට අදාළ සුපිරි ත්‍යාගය වූ යතුරු පැදි පීරීනැමීම Park Street Mews හි විනෝදයෙන් සපිරි උත්සවයකදී සිදුවිණ. මෙම අවස්ථාව ‘deedat’හි සුවිශේෂීත්වය මෙන්ම විචිත‍්‍රවත් ගුණාංග ප‍්‍රගුණ කළ තාරුණ්‍යයේ විශ්වාසය දිනාගත් කැඩපතක් බවට පත්වූ අතර ප‍්‍රවර්ධන වැඩසටහන හා සම්බන්ධ වෙමින් ජයග‍්‍රහණය අත් කර ගත් තවත් පාරිභෝගිකයන් 20කට ද NOLIMIT තෑගි වවුචර් හිමි කරදීමද ඊට තවත් වටිනාකමක් එක් කිරීමට සමත් විය.

Share on Google Plus