කුමන්ත්‍රණ පරාදයි - මහ බැංකු අධිපති අර්බුධය සමතයකට.


මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ සේවා දිගුව සම්බන්ධයෙන් මතුව තිබෙන අර්බුධය සමතයකට පත්වන ලකුණු පහළවී ඇතැයි වාර්තා වේ.

මහේන්ද්‍රන් මහතා නැවත වරක් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධූරයට පත් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් ද පැවති අතර එහිදී මහේන්ද්‍රන් මහතා යලි ධුරයට පත් කිරීමට තීරණය වී ඇතැයි ද වාර්තා වේ.

කෙසේ නමුත් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව විසින් මතුකර තිබෙන චෝදනා පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට එම සාකච්ඡාවේදී එකඟ වී ඇති බව ද සඳහන්ය.

කෙසේ නමුත් මේ සමඟම එක්තරා මාධ්‍ය ආයතනයක් සහ එම ආයතනයෙන් මුදල් ලබා ගනිමින් සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් ලෙස පෙනී සිටින පිරිසක් මෙන්ම කළුතර දිස්ත්‍රිකය නියෝජනය කරන අමාත්‍යවරයෙකු විසින් මහේන්ද්‍රන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට ගෙන ගිය කුමන්ත්‍රණය පරාජයට පත් වී ඇතැයි ද වාර්තා වේ.

Share on Google Plus