වැඩ බලන මහ බැංකු අධිපති, ඉරාන්?


ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා තමන් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන අවසන් වන තෙක් සේවා දිගුවක් බලාපොරොත්තු නොවන බව අද මූල්‍ය මණ්ඩලය වෙත දැනුම්දී තිබේ.

මහබැංකු අධිපතිවරයාගේ සේවා කාලය මේ මස 30 වැනිදායින් අවසන්වීමට නියමිතය.

මහබැංකු අධිපතිවරයාට එල්ල වී ඇති චෝදනා ගැන මේවන විට කෝප් කමිටුව හමුවේ විමර්ශනයක් සිදුවෙයි.

එතෙක් මහ බැංකු අධිපති ධුරයේ වැඩබැලීම සඳහා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පත් කිරීමේ සුදානමක් ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඉදිරි සතියේදී නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමට නියමිත බව ද වාර්තා වනවා.

Share on Google Plus