බැසිල් කල්ලිය මහින්ද පිලේ බලය ඩැහැගැනීමට කුරුමානම් අල්ලයි.


පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමෙන් පසු සහ පැවති මහ මැවරණයෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසක් මහින්ද රාජපක්ස මහතා වටා ගොනු වෙමින් කණ්ඩායමක් නිර්මාය කර ගත් අතර ඔවුන් මහින්ද රාජපක්ෂ නැවත බලයට ගෙන ඒම සඳහා සමාජ මතය නිර්මාණය කිරම ඇරඹිණි.

විමල් වීරවංස, වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන මහින්ද යාපා අබේවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, මහින්දානන්ද අළුත්ගමගේ යන අය එහි මෙහෙයවීමේ කටයුතුවල මූලිකත්වය ගත් අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජය වී පැය 24කටත් පෙර රටින් පලා ගිය බැසිල් රාජපක්ෂට ඔවුන් එළි පිටම දෝෂාරෝපනය කරන්නට විය.

මහින්ද රාජපක්ෂගේ පරායේ මූලික වගකිවයුත්තා බැසිල් රාජපක්ෂ බව ඔවුන් ප්‍රසිද්ධියේ කියන්නට විය. කෙසේ නමුත් ඒ අතරතුර බැසිල් රාජපක්ෂ නැවත ලංකාවට පැමිනියේය. ඔහු පැමිණි අවස්ථාවේ ඔහු පිළිගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන පෙළේ කිසිවෙකුත් නොගිය අතර වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වන නිමල් ලන්සා ඇතුළු සුළු පිරිසක් පමණක් එම අවස්ථාවට එක් වී සිටියහ. බැසිල් රාජපක්ෂට මහින්ද පිලේ විරෝධය කොතෙක්ද යන්න එයින්ම පැහැදිලි වේ.

බැසිල් රාජපක්ෂට එල්ලවී තිබූ ජනතා මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් පැවති චෝදනාවට අදාළ විමර්ශන, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් සිදු කරමින් පැවති අතර ඔහු මෙරටට පැමිණ කෙටිකලකින් එම පොලිස් කොට්ඨාශය මගින් අත්අඩංගුවටගෙන රක්ෂිතබන්ධාගාරගතව සිට පසුව ඇප මත නිදහස් කෙරිණ.

මේ වනවිට මහින්ද පිලේ මෙහෙයුම්කරුවන් ඔවුන් ඉදිරියට සිදුකරන දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා කමිටුවක් පිහිටුවා ගෙන තිබූ අතර එය සෑම සතියකට වරක්ම මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වෙමින් කටයුතු කරමින් සිටි අතර එක් දිනක හදිසියේම බැසිල් රාජපක්ෂ මෙම කමිටුවේ සාකච්ඡා සඳහා මහින්ද රාජපක්ෂ පැමිණි අතර ඔහු එම කමිටුවට පැමිණිම සම්බන්ධයෙන් විශේෂයෙන් විමල් වීරවංස, මහින්දානන්ද අළුත්ගමගේ, වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම ආදීන්ගේ දැඩි විරෝධයක් එල්ල වූ අතර එම තත්වය උණුසුම් වීමත් සමග එයට මැදිහත් වූ මහින්ද රාජපක්ෂ මහතා එය සමතයකට පත් කරමින් පවසා තිබුනේ තමන්ගේ දේශපාලන කටයුතු සංවිධානය කිරීම සඳහා බැසිල් රාජපක්ෂ අවශ්‍ය බැවින් ඔහු තමන්ගේ වැඩ සංවිධායක ලෙස කමිටුව නියෝජනය කරන බවය.

එය පිළිගත් මන්ත්‍රීවරු දිගටම කටයුතු කරගෙන ගිය අතර බැසිල් රාජපක්ෂ හීන්නූලෙන් කටයුතු කරන්නට විය. ඔහු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට යම් යම් උපදෙස් ලබා දෙමින් කටයුතු කළ අතර ටිකෙන් ටික ඔහු මහින්ද පිලේ තහවුරුවන්නට උත්සාහ ගත්තේය. එ් බව තේරුම් යාමත් සමග බැස්ල් රාජපක්ෂ සමග මහින් දපිලේ පිරිසක් මත්බේදයන් හා ගැටුම් ඇතිකරගත් අතර එය පැවති මැයි රලියේදී උත්සන්න විය.

එහිදී ප්‍රාදේශීය සභා මහජන නියෝජිතයන්ට මුදල් ලබා දෙමින් ඔවුන් බැසිල් රාජපක්ෂගේ මතයේ පිහිටා කටයුතු කරන පිරිසක් බවට පත් කර ගැනීමට කටයුතු කරමින් සිටි බවට මහින්දපිලේම මන්ත්‍රීවරුන් විසින්ම එම දිනවල චෝදනා කරන ලදී.

මැයි රැලියේ වේදිකාව සැකසීමේ වගකීම විමල් වීරවංසට ලබාදීමට මහින්ද පිලේ මූලික කමිටුව තීරණය කර තිබුණද පසුව බැසිල් රාජපක්ෂ මැදිහත්ව එය තමන්විසින් සිදු කරන බවත් එහි කටයුතුවලට කිසිවෙකුත් මැදිහත් නොවන ලෙසත් දන්වා තිබිණ.

මැයි රැලියෙන් පසුව පැවත රූපවාහිනී වැඩසටහනකදී විමල් වීරවංශ විසින් පවසා සිටියේ බැසිල් රාජපක්ෂ තිරය පිටුපස සංවිධායකයෙකු ලෙස කටයුතු කරන බවට සඳහන්ව තිබුණද ඔහු තිරය ඉදිරියට පැමිණිම තුළින් ප්‍රශ්න මතුව ඇති බවය.

බැසිල් සහ මහින්ද පිලේ පිරිසක් අතර ගැටුම දැඩිව ඇතිබව තහවුරු කරමින් පසුගියදා මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ප්‍රකාශ කර සිටියේ මහින්ද පිලේ පිරිසක් ආණ්ඩුවට එක්වන බවට ගෙන යන ප්‍රචාරය බැසිල් රාජපක්ෂ මහතාගේ කුමන්ත්‍රණයක් බවත් ඔහු කල්ලියක් ගොඩනගාගෙන ඇති බවත්ය.

බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි මහින්ද පිලේ කාර්යාලයක ඊයේ (21) පළාත් පාලන නියෝජිතයින් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් මාධ්‍ය හමුවක් පවත්වා ඇති අතර ඔවුන් පවා ඇත්තේ ඉදිරියේදී මහින්ද රාජපක්ෂ මහතා මූලික කරගත් නව සංවිධානයක් ගොඩනගන බවත් එහි සංවිධාන කටයුතු බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සිදු වන බවත් අවශ්‍යනම් එයට මහින්ද පිලේ අයටද සහභාගී විය හැකි බවත් ඔවුන් එහිදී පවසා ඇත.

විමල් වීරවංසලා, මහින්දානන්දලා කුමණ ප්‍රකාශ කලත් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා මුහුණදිය යුත්තේ පළාත් පාලන නියෝජිතයින් බැවින් තමන් බැසිල් රාජපක්ෂ මහතා සමග සිටින බවත් ඔවුන් ප්‍රකාශ කර තිබේ.

එම මාධ්‍ය හමුව පැවැත්වීමට පෙර එම කාර්යාලයේම බැසිල් රාජපක්ෂ හතාගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන නියෝජතියන්ගේ සහභාගිත්වයෙන් හමුවක් පවත්වා ඇති අතර එම හමුවෙන් පසු පැවති එම මාධ්‍ය හමුව සඳහා ඔවුනටද සහභාගීවන ලෙස දැන්වා ඇතත් එහි සිටි බොහෝ මන්ත්‍රීවරුන් ඊට සහභාගී වී නොවී විවිධ කරුණු කියමින් එය මගහැර ඇති බවද පැවසේ.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතා ජාතික පුවත්පත්වලට ප්‍රකාශ ලබාදෙමින් පවසා ඇත්තේ ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට තමන්ගේ මැදිහත්වීමෙන් පුළුල් ජාතික බලවේගයක් ගොඩනඟමින් සිටින බවය. එහි සෙසු තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීම, බිම් මට්ටමේ සිට සියලු සංවිධාන කටයුතු අවසන් කිරීමෙන් පසුව සිදු කරන බවත් පවසා ඇත. 

මෙම සංවිධාන කටයුතු සාර්තක කරගතහොත් තමන්ට විරුද්ධ පුද්ගලයන් මග හැර තමන්ගේ මතයන් අනුමත කරන පිරිසක් මෙහි ඉහළ තනතුරුවලට ගෙන ඒම බැසිල් රාජපක්ෂගේ අපේක්ෂාව බවත් ඔහුගේ ප්‍රකාශවලින් පැහැදිලිවන බවත් පැවසේ. බත්තරමුල්ලේ කාර්යාලයට පැමිණි පළාත් පාලන ආයතන නියෝජිතයන් අමතන අවස්ථාවේ මහින්ද පිලේ දැනට ඉදිරියෙන් කටයුතු කරන බොහෝ පිරිසකගේ නම් කියමින් සහ තවත් අය පිළිබඳ ව්‍යංග කතා කියමින් බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ඔවුන්ට මහින්ගේ ඇඟේ එල්ලී ඉන්නවා ඇර වෙනත් මාවතවතක් නැති බැවින් ඔවුන්ට මහින්ද අමතක කරදමා තමන්ගේ තීරණවලට එරෙහිවිය නොහැකි බවය.

Share on Google Plus