තෙවෙනි වරටත් බැසිල් අත්අඩංගුවට - ඇපත් දෙයි.


අද (06) අත්අඩංගුවට ගෙන පූගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇපමත නිදහස් කර තිබෙනවා. රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර අප දෙකක් මත ඔහු මුදාහැරීමට පූගොඩ මහේස්ත්‍රාත් බී.ඒ. රුවන්පතිරණ මහතා නියෝග කර තිබේ.

නැවත දැනුම් දෙනතුරු ඔහුගේ විදෙස් ගමන් තහනම් කර ඇති අතර සති දෙකකට වරක් මුල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටිය යුතු බවට නියෝගයක් ද මහේස්ත්‍රාත්වරයා නිකුත් කර ඇත.

දොම්පෙ ප්‍රදේශයේ පිහිටි ඉඩමක ගනුදෙනුවකදී සිදුකර ඇති මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මුල්‍ය අපරාධ කොට්ඨාශ නිළධාරීන්ගෛ් අත්අඩංගුවට පත්විය. ඒ අද ඔහු මුල්‍ය අපරාධ කොට්ඨාශයට ප්‍රකාශයක් සිදුකිරීම සඳහා පැමිණ අවස්ථාවේදීය.

බැසිල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගත් තෙවැනි අවස්ථාව මෙය වෙන අතර මීට ඉහතදී ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත නිදහස් කර තිබේ.

Share on Google Plus