මෛත්‍රී 2020 දී යළි ජනපති සටනට.


පසුගිය සඳුදා රාත්‍රියේ කොළඹ 07 ස්ටැන්මෝ චන්ද්‍රවංකයේ පැජට් පාරේ (මහගම සේකර) පිහිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වී තිබේ.

එහිදී රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා ජනපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් ලෙස 2020 දී නැවත ජනපතිවරණයට තරඟ කරන ලෙස ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉදිරිපත් කළ හැකි හොඳම අපේක්ෂකයා සිරිසේන මහතා බව එහිදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාද පවසා ඇත.

කෙසේවුවද තමා මුලින් දැරූ ස්ථාවරයේ වෙනසක් නැතැයි පවසමින් ජනපතිවරයා ඊට පිළිතුරු සපයා ඇත.

එහිදී සිරිපාල ඇමතිවරයා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පළාත් පාලන මැතිවරණයට පෙර සම්මතකරගත යුතු බවට යෝජනාවක්ද ඉදිරිපත් කර තිබේ.

එසේම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමත් ජනාධිපති ක්‍රමය සංශෝධනය කිරීමත් පිළිබඳව කඩිනම් තීන්දුවක් ගතයුතු බවද සිරිපාල මහතා එහිදී පවසා ඇත.

Share on Google Plus